පූර්ව ගාත්‍රය දර්ශීය පංචාංගුලික ගාත්‍ර සැලැස්මෙන් විකරණය වී ඇත.
ග්‍රහණයට, බර එසවීමට සහ අධික පරාසයක චලනය කිරීමටද හැඩ ගැසී ඇත.
උඩ බාහුව, යටි බාහුව, මැණික් කටුව සහ අත ලෙස කලාප වලට බෙදා දැක්විය හැක.
උඩ බාහුව
තනි අස්ථියක් වන ප්‍රගණ්ඩාස්ථියෙන් සෑදී ඇත.
එය හිසක් සහ අස්ථි දණ්ඩකින් සමන්විතය.
අවිදුර අන්තයේ ශීර්ෂය පිහිටයි.
එහි පේශි සවිවීමට වැදගත් වන අස්ථිමය නෙරීම් දෙකකි.
විදුර කෙළවර මදක් පැතලිය.
යටි බාහුව
අරාස්ථිය සහ අන්වරාස්ථියෙන් සමන්විතය.
අත්ල ඉදිරියට යොමු වන ලෙස තැබූ විට අරාස්ථිය පාර්ශ්විකවත්, අන්වරාස්ථිය මධ්‍යවත් පිහිටයි.
අවිදුර අන්තයේ වැළමිට සන්ධියද, විදුර අන්තයේ මැණික් කටු සන්ධියද පිහිටයි.