කශේරුව, කශේරුකා නැමති රේඛීයව පිහිටි අස්ථි 33 කින් සමන්විත වේ. එහි තනි තනිව වෙන් කළ හැකි කශේරුකා 24 ක් ඇත.
පහළ කලාපයේ කශේරුකා සංයුක්තව පවතී.
කශේරුව යනු ශක්තිමත් නැමෙන සුළු දණ්ඩකි.
හිස සහ දේහයට සන්ධාරණය සැපයීම මෙමගින් සිදුකරයි.
කශේරුවේ කලාප
කශේරුව කලාප හතරකට වෙන් කළ හැක.
ග්‍රෛවී කශේරුකා - 7
උරස් කශේරුකා - 12
කටී කශේරුකා - 5
ත්‍රිකාස්ථිය - සංයුක්ත කශේරුකා 5
අනුත්‍රිකාස්ථිය - සංයුක්ත කශේරුකා 4
කශේරුවේ කාර්යය
දේහයේ ප්‍රධාන ආක්ෂීය සන්ධාරකය ලෙස ක්‍රියා කිරීම.
කපාල සන්ධානය සහ කපාල චලනය සඳහා.
උරස් කූඩුව සෑදීමට දායක වීම.
සුෂුම්නාව ආරක්ෂා කිරීම.
පේශි සන්ධානය සඳහා.
වම් සහ දකුණු ශ්‍රෝණි අස්ථි සමඟ සම්බන්ධව ශ්‍රෝණි කූඩුව සෑදීම.
අපර ගාත්රාවල සිට ශ්‍රෝණි මේඛලාව ඔස්සේ ලැබෙන කම්පන අවශෝෂණය.
දේහයේ නැමීම් සහ භ්‍රමණ චලන සඳහා.