උර මේඛලාව
 

උර මේඛලාව පූර්ව ගාත්‍ර සන්ධානයට හැඩ ගැසී ඇති අතර අස්ථි දෙකකින් සමන්විත වේ.

 


අංශ ඵලකය
මෙය පර්ශුවලට පිටුපසින් ඇති පැතලි ත්‍රිකෝණාකාර අස්ථියකි.
අංශඵලකය ආශ්‍රිතව අංශකුට ආක්ෂක සන්ධිය සහ කුහරගෝල සන්ධිය ලෙස සන්ධි දෙකක් පිහිටයි.

අක්ෂකාස්ථිය
දේහයේ තිරස්ව පිහිටන දිගම අස්ථි වේ. උරසේ මධ්‍ය සහ උත්තර සීමාවේ සිට දෙපසට විහිදෙන අක්ෂකාස්ථි යුගලකි.

උර මේඛලාවේ කාර්යය

පූර්ව ගාත්‍ර වලට සන්ධාරණය ලබා දීම.
පළල් උරහිස් කලාපයක් ඇති කිරීම.
පේශි සන්ධානය සඳහා ආක්ෂීය සැකිලි කලාපයට උත්තර ගාත්‍ර සම්බන්ධ කිරීම.

(c) Shilpa Sayura Foundation 2006-2017