දකුණු පෙණහැල්ල උත්තර, මධ්‍ය හා අධර වශයෙන් ඛණ්ඩිකා තුනකින්ද වම් පෙණහැල්ල උත්තර හා අධර වශයෙන් ඛණ්ඩිකා දෙකකින්ද සෑදී ඇත. දකුණු පෙණහැල්ල පළලින් වැඩි, දිගින් අඩු එකක් වන අතර වම් පෙණහැල්ල පළලින් අඩු දිගින් වැඩි එකක් වේ.
පෙණහළු වලට පුප්පුශීය ධමනි රුධිරය සපයන අතර එයින් රුධිරය පිට කිරීම සඳහා පුප්පුශීය ශිරා දෙක බැගින් ඇත.
ස්වරාලයෙන් ආරම්භ වන ශ්වාසනාලය අසම්පූර්ණ වලයාකාර කාටිලේජමය ඝනවීම් සහිත වන අතර එය ශ්වාසනාලිකා දෙකකටත් ශ්වාසනාලිකා අනුශ්වාසනාලිකා වලටත් ඒවා අග්‍රස්ථ අනුශ්වාසනාලිකා වලටත් බෙදී ගර්ථික ප්‍රණාල ඔස්සේ ගර්ථිකා තුළට විවෘත වේ.
පෙණහළු වාතය ඇතුළු වීම
පෙණහළු තුළට වාතය ගැනීමටත් ඉන් වාතය පිට කිරීමටත් අන්තර් පර්ශුක පේශි හා මහා ප්‍රාචීර පේශි දායක වේ. උරස් කුහරයේ පරිමාව වෙනස් කිරීම සඳහා මහා ප්‍රාචීර පේශි වැදගත් වේ.
අන්තර් පර්ශුක පේශි දෙවර්ගයක් පිහිටයි.
බාහිර අන්තර් පර්ශුක පේශි ඉදිරියට ඇළවී පහළට යොමු වී ඇත
අභ්‍යන්තර අන්තර් පර්ශුක පේශි පිටුපසට ඇළවී පහළට යොමු වී ඇත
ආශ්වාසය
ආශ්වාසයේදී බාහිර අන්තර් පර්ශුක පේශි සංකෝචනය වන අතර අභ්‍යන්තර අන්තර් පර්ශුක පේශි ඉහිල් වේ. මේ මගින් පර්ශු ඉදිරියටත් පිටතටත් යොමු වේ. මේ ක්‍රියාකාරකම් මගින් උරස් කුහර පරිමාව විශාල වේ. එහි ප්‍රතිඵලයක් ලෙස උරස් කුහරය තුළ පීඩනය හා පෙණහළු තුළ පීඩනය වායුගෝලීය පීඩනයට වඩා අඩු වේ. එහිදී වායුගෝලීය පීඩනය සමාන වන තෙක් වාතය පෙණහළු තුළට පැමිණේ.
ප්‍රාශ්වාසය
ආශ්වාස ක්‍රියාවලියට ප්‍රතිවිරුද්ධ ක්‍රියාකාරීත්වයක් ප්‍රාශ්වාසයේදී ඇතිවේ. එහිදී බාහිර අන්තර් පර්ශුක පේශින් හා ප්‍රාචීර පේශීන් ඉහිල් වන අතර එමගින් උරස් කුහර පරිමාව අඩු වී පීඩනය වැඩිවී වාතය නැවතත් තල්ලූ කර යැවේ. ව්‍යායාමයකදී හෝ වෙනත් අවස්ථාවකදී වේගවත්ව ශ්වසනය කිරීමේදී ප්‍රාශ්වාසය සක්‍රීය ක්‍රියාවලියක් වේ. එවිට ඒ සඳහා ශක්තිය වැයවේ. එහිදී උදරයේ පේශීන්ද, අභ්‍යතන්තර අන්තර් පර්ශුක පේශීන්ද වේගයෙන් සංකෝචනය වේ.
එමගින් පර්ශු සීඝ්‍රයෙන් පහළට තල්ලූ කෙරේ.