නිල් පාටින් දක්වා ඇතිශිරා වලින් ශරීරයේ විවිධ ස්ථාන වල සිට රුධිරය පිරිසිදු කිරීම සඳහා හෘද වස්තුවට ගලා එයි.
මන්‍යය ශිරාව
හිස සහ ගෙල පෙදෙසේ සිට රුධිරය ගෙන එයි
අධෝක්ෂ ශිරාව
උත්තර ගාත්‍ර පෙදෙසේ සිට රුධිරය ගෙන එයි
උත්තර මහා ශිරාව
හෘදයට ඉහළින් ඇති පෙදෙස් වල සිට එන ඔක්සිජනීහෘත රුධිරය හෘදය වෙත ගෙන එයි
පුප්ඵුශීය ශිරාව
ඔක්සිජනීකෘත රුධිරය පෙණහළු වල සිට හෘදය වෙත ගෙන එයි
අධර මහා ශිරාව
හෘදයට පහළින් ඇති පෙදෙස් වල සිට එන ඔක්සිජනීහෘත රුධිරය හෘදය වෙත ගෙන එයි
යාකෘතික ශිරාව
අක්මාවේ සිට රුධිරය ගෙන එයි
කටී ශිරාව
බඳ පෙදෙසේ සිට රුධිරය ගෙන එයි
වෘක්කීය ශිරාව
වෘක්ක වල සිට රුධිරය ගෙන එයි
ප්‍රජනක ශිරාව
ප්‍රජනනේන්ද්‍රීයේ සිට රුධිරය ගෙන එයි
ජඝන ශිරාව
අධර ගාත්‍ර පෙදෙසේ සිට රුධිරය ගෙන එයි
උත්තර මහා ශිරාවට අනිශ්චිත ශිරා දෙකක් විවෘත වන අතර, ඒ අනිශ්චිත ශිරා වලට බාහිර මන්‍යය ශිරාව, අභ්‍යන්තර මන්‍යය ශිරාව හා අධෝක්ෂ ශිරා විවෘත වේ.
එමගින් දේහයේ ඉහල පෙදෙස් වල ඇති ඔක්සිජනීකෘත රුධිරය එකතු කර උත්තර මහා ශිරාව ඔස්සේ දකුණු කර්ණිකාවට විවෘත කරවයි.
එමෙන්ම උත්තර මහා ශිරාවට අයුග්ම ශිරාව හා අර්ධ අයුග්ම ශිරාව විවෘත වේ.
අධර මහා ශිරාවට යාකෘතික ශිරා, වෘක්කීය ශිරා, ප්‍රජනේන්ද්‍රීය ශිරා, ජඝන ශිරා යනාදිය විවෘත වේ.
නමුත් වම්පස ප්‍රජනේන්ද්‍රීය ශිරා පමණක් කෙළින්ම අපර මහා ශිරාවට විවෘත නොවී වෘක්කීය ශිරාවට විවෘත වේ.
ආහාර මාර්ග පද්ධතිය ආශ්‍රිතව ඇති ඔක්සිජනීහෘත රුධිරය යාකෘතික ප්‍රතිහාර ශිරාවක් මගින් අක්මාවට විවෘත වී යාකෘතික ශිරාව ඔස්සේ අධර මහා ශිරාවට විවෘත වේ.