ආමාශයේ භෞතික ස්වභාවය J හැඩැති මඩියක් වන අතර, සෙ.මී. 25-30 දිගැති, ප්‍රාචීරයට යටින් උදර කුහරයේ පිහිටා ඇත. එහි ලීටරයක පමණ ධාරිතාවක් ඇත.
ආමාශයේ අභ්‍යන්තරයේ රුගේ නමැති මියර පිහිටා ඇති අතර ආමාශය ආහාරයෙන් පිරී ගිය පසු ඒවා දැකිය නොහැක.
ආමාශයේ පේශිමය චෝලයේ අන්වායාම හා වෘත්තාකාර පේශීන්ට අමතරව ඇලපේශි ස්ථරයක් පිහිටා ඇත. හෘදාසන්න ප්‍රදේශයට අන්නශ්රෝතය විවෘත වේ.
බුද්න ප්‍රදේශය
බුද්නය බැලූනයක් බඳු ව්‍යුහයකි.
එය හෘදාසන්න ප්‍රදේශයට ඉහළින් පිහිටයි.
අප ආහාර ගැනීමේදී ගිලින වාතයද බුද්නය තුළ එක් වේ.
ප්‍රධාන දේහය
ආමාශයේ විශාලම පෙදෙස ප්‍රධාන දේහය වේ.
එය බුද්නය හා ආලාර ප්‍රදේශය අතර පිහිටයි.
ආලාර ප්‍රදේශය
ආලාර ප්‍රදේශය පටු එකක් වන අතර එය නාලාකාරව ග්‍රහනියට විවෘත වේ.
මේ ආලාර නාලයේ අවසානයේ වෘත්තාකාර පේශි ඝන වීම් මගින් තනන ලද ආලාර වක්‍ර පිධානයක් පිහිටයි.
එමගින් ආහාරය ග්‍රහනියට මුදාහැරීම පාලනය කරයි.
එමෙන්ම ආහාරය නැවතත් ආමාශයට යෑම වළක්වයි.
එමගින් පර්ශු සීඝ්රයෙන් පහලට තල්ලූ කෙරේ.