ශිලා උද්‍යානය
සීගිරි පර්වතයෙහි පාෂාණ පතනය නිසා ඒ අවට විසිරුණු විශාල සහ කුඩා ගල් ක්‍රමානුකූලව සකස්කීරීමෙන්ද, යලි තැබීමෙන්ද, ඒ අතර භූමිය උයන් ලෙස සැකසීමෙන්ද, ගල් බැමි බැදීමෙන්ද අලංකාර කර ඇත. මාලක වශයෙන් පර්වත පාදය සැකසීම පාංශු ඛාදනය වැලැක්වීමටද ප්‍රයෝජනවත් වී ඇත. බැමි බැඳීමේදි ගල් කුටිටි මත කත්තු කපා ගඩොළු වද්දා ඇත. ගල් කුට්ටි මත ඉහලට විහිදෙන කත්තු, ඒවා මත දැව ගොඩනැගිලි ඉදිකිරීමට ආධාර කරගත් බව සිතිය හැක්කේය.
