පැස්‌ටල් භාවිතය පිළිබඳ අභ්‍යාස 2
 

5. ඉන්පසු ලා කොල වර්ණය යොදාගනිමින් පෙර පරිදිම කොල පැහැයෙන් යුත් කොළ අදින්න. මෙහිදී රූපයේ ඇති ආකාරයටම සියලුම කොළ ඇඳීම අවශ්‍ය නැත. තමන් ගේ රුචිකත්වය අනුව එය ඇදිය හැක.


 

 

 

 

 

 

 

 

 

 

 

6. රතු වර්ණය යොදාගනිම්න් රතු පැහැයෙන් යුත් කොළයක්‌ වර්ණ කරන්න. ඉන්පසු පරිස්‌සමෙන් එයමතුපිට ඇගිල්ලෙන් පිරිමදින්න. එයින් වර්ණයේ මතුපිට රලු භාවෙන් තොර සුමට ගතියක්‌ පෙන්නුම් කරයි.

 

 

 

 

 

 

 

 

 

 

 

 

7. ඉන්පසු සුදු වර්ණය යොදාගෙන කොලයේ ඇති රේඛා අදින්න. පෙරපරිදිම සියුම් ලෙස ඇගිල්ලෙන් පිරිමදින්න. රතු පැහැයෙන් යුත් සියලුම කොළ පෙර පියවර දෙක අනුගමනය කරමින් වර්ණ කරන්න.


 

 

 

 

 

 

 

 

 

 

 

8.මින්පසු ලා කොල පැහැයෙන් යුත් කොළ වර්ණ කිරීම සඳහා ලා කොල වර්ණය යොදාගන්න. පෙරසේම ඇගිල්ලෙන් පිරිමදින්න. කොළ තුනක්‌ හෝ හතරක්‌ මෙලෙස වර්ණ කරන්න.

 


 

 

 

 

 

 

 

 

 

 

 

9. ඉතිරි පත්‍ර , තද කොල වර්ණයෙන් වර්ණ කරන්න.

(c) Shilpa Sayura Foundation 2006-2017