අවනද්ධ සංගීත භාණ්‌ඩ
 

අවනද්ධ සංගීත භාණ්‌ඩ


 

රබාන

රබාන අත|තයේ සිටම ශී්‍ර ලාංකික ජනයාට ඉතා සමීප භාණ්‌ඩයක්‌ වේ. කොස්‌, කොහොඹ, සූරිය ආදී දැවයන්ගෙන් ලියවා තනවා ගනු ලබන රබන් කදෙහි ඝනකම අඟල් කාලක්‌ පමණ වේ. රබානේ මුහුණත එළු සමින් හෝ හරක්‌ සමින් පිළියෙළ කරගනු ලබන අතර ඇණ ගසා රඳවා ඇත. ප්‍රධාන වශයෙන් වර්ග දෙකකි.


 

1. අත් රබාන (විරිදු රබාන)
2. බංකු රබාන (මහ රබාන)
 

අත් රබානක විශ්කම්භය අඟල් 12 ක්‌, 14ක්‌ පමණ වන අතර බංකු රබාන අඟල් 18-32 දක්‌වා ප්‍රමාණ වලින් යුතු වේ. බංකු රබන වැයීම සඳහා ලී කණු 3 ක්‌ මත තබාගත යුතු වේ. ඇතැම් මංගල උත්සව වලදී වරි]න් වර රබාන වාදනය කරති.

අත් රබාන දකුණු ප්‍රදේශයේ ප්‍රචලිත වූ භාණ්‌ඩයක්‌ වේ. පසුව මෙය ලංකාව පුරා සංක්‍රමණය වන ලද අතර මෙය රබන් කැරකවීමේදී බහුලව යොදා ගනී.



 


රබන් පදය (මහ රබාන)

 

1. කිරෙන් බැද්දත් කොබෙයියා
         තෙලෙන් බැද්දත් කොබෙයියා
         කිරෙන් බැද්දත් තෙලෙන් බැද්දත්
         කොහොම බැද්දත් කොබෙයියා


 

 


2. රං රං පිඟන් කට්‌ට
         ළිඳ ළඟ වළං කට්‌ට

 

 

3. උඩ පලගත්තත් වට්‌ටක්‌කා
         බිම පලගත්තත් වට්‌ටක්‌කා
         උඩ පලගත්තත් බිම පලගත්තත්
         පුංචි පුංච ගෙඩි වට්‌ටක්‌කා

 


 

උඩැක්‌කිය

 

අවනද්ධ වාද්‍ය භාණ්‌ඩ වලින් කුඩාම වූ සිංහල සංගීත අවනද්ධ භාණ්‌ඩය ලෙස උඩැක්‌කිය සැලකිය හැක. මෙය කෙටි වූත්, කඳ මැද සිහින් වුත්, මෙහි දිග අගල් 7-8 ත් අතර පවතී. විශ්කම්භය අඟල් 8 ½1/2 පමණ වේ. උඩරට පහතරට දෙකෙහිම යොදා ගනු ලබන අතර මෙහි කඳ සූරිය දැවයෙන් තනා පැහැගන්වනු ලබයි. දෙඇස නූල් ඇද දෙතට්‌ටුව බැඳ ඇති අතර එක්‌ තට්‌ටුවක්‌ පමණක්‌ වාදනය කරයි. අනෙක්‌ තට්‌ටුව හරහා නූලක්‌ යොදා ඇති අතර උඩැක්‌කි කඳ මැඳින් දමා ඇති ලණුව තද, බුරුල් කිරීම තුලින් හඬ වෙනස්‌ කරගනු ලැබේ. මෙහි ඉතා ලයාන්විත වූ හඬක්‌ නිකුත් වේ.


 

(c) Shilpa Sayura Foundation 2006-2017