E-Mail යනු කුමක්ද?
 

යනු මේ දෙබස ඇසුරෙන් E-Mail භාවිතාවේ ඇති වාසි හුවා දක්වන්න.

රවි : හලෝ නලින් කොහොමද? පහුගිය දවස්වල මම ඔයාව සම්බන්ධ කරගන්න හුඟක් උත්සාහ කළා

නලින් : හොදින් ඉන්නවා. මේ දවස්වල මම Business වැඩ වලට එහෙ මෙහෙ දුවනවා කිසි විවේකයක් නැහැ.

රවි : මටත් තියෙනව ඔයත් එක්ක Business වැඩක්. කොහොමද අපි දෙන්න නිතර සම්බන්ධ වෙන්නෙ?

නලින් : හොදයි මම ඔයාට මගෙ e-mail ලිපිනය දෙන්නම්. මොනව හරි තියෙනවානම් ඔයා මට e-mail කරන්න.

රවි : අනේ නලින් මටනම් ඒ ගැන කිසි අදහසක් නැහැ. පුළුවන්ද පොඞ්ඩක් මට ඒ ගැන කියල දෙන්න.

නලින් : e-mail කියන්නෙ ලිපි ගනු දෙනු කරන්න තියෙන බොහොම පහසු ඒවගේම ලාභ ක‍්‍රමයක්. ඒ මගින් අපි දෙන්නට ලෝකෙ කොහෙ ඉදන් උනත් බොහොම ඉක්මනින් අදහස් හුවමාරු කරගන්න පුළුවන්.

රවි : මට e-mail එකක් නෑනේ

නලින් : ඉස්සෙල්ලා ඔයා google වලින් e-mail address එකක් හදාගන්න ඕනෑ. ඊට පස්සේ මට e-mail එකක් එවන්න

රවි : ඔයා මට ඒක කියලා දෙනවද?

නලින් : ඔයා විවේක වෙලාවක අපේ ගෙදර ආවොත් මම වැඩි විස්තර කියල දීල e-mail address එකකුත් හදල දෙන්නම්. දැන් මම ගිහින් එන්නම්.

රවි : හොඳයි. එහෙමනම් අපි ඉක්මනින් හමු වෙමු.


 


සන්නිවේදනය සඳහා E-mail භාවිතා කරමු.

නොමිලේ E-mail ලිපිනයන් සෑදීමේ පහසුකම් සහිත අඩවි හඳුනාගන්න

E-mail ලිපිනයක් සාදා ගැනීමට කටයුතු කරන්න.

එකිනෙකා අතර E-mail යවන්න.

CC, BCC, Check mail, Compose යනු මොනවාද?


 


 

 

E-mail යනු කුමක්ද?
පරිගණක හරහා ලිපි යැවීමේ ක‍්‍රියාවලිය විද්‍යුත් තැපැල (E-mail) ලෙස හදුන්වයි.

මෙහිදී අන්තර්ජාල පහසුකම සහිත පරිගණක භාවිතා කරන්නෙකුට අන්තර් ජාලය භාවිතා කර එම පහසුකම ඇති තවත් පරිගණක භාවිතා කරන්නෙකුට හෝ කිහිපදෙනෙකුට ලෝකයේ කුමන ප‍්‍රදේශයක සිට වූවද ලිපි යැවිය හැක.

 

E-mail පහසුකම සඳහා තිබිය යුතු අවශ්‍යතා
අන්තර්ජාල පහසුකම සහිත පරිගණකයක්
E-mail ලිපිනයක්
E-mail මෘදුකාංගයක්

E-mail ලිපිනය
E-mail ලිපිනය කොටස් දෙකක් ඇති අතර ඒවා User Name හා Domain Name ලෙස හඳුන්වයි.  @ (ඇට්) සංකේතය මගින් මෙම කොටස් දෙක වෙන්වී ඇත.


E-mail වලදී හමුවන ප‍්‍රධාන  අංග
To : ලිපිය ලබන්නාගේ E-mail ලිපිනය ලිවිය යුතු ස්ථානය

එකම ලිපිය කිහිප දෙනෙකුට යවයි නම් කොමා (,)යොදා ලිපිනයන් ඇතුලත් කල හැක.

CC - (Carbon Copy) ලිපිනය ඇතුලත් කල විට එහි හිමිකරුට ලිපියේ පිටපතක් ලැබේ.  අනෙක් ලිපි ලබන සියලූදෙනාම ලිපියේ පිටපත් ලැබෙන්නේ කාටදැයි හඳුනා ගත හැක.

 

BCC (Blind Carbon Copy)මෙහි වෙනසකට ඇත්තේ අනෙකුත් ලිපි ලබන්නන්ට ලිපි ලබන අනික් අය කවුරුදැයි දැනගත නොහැකි වීමයි.

 

Subject - ලිපිය කුමක් පිලිබඳවදැයි ඉඟියක් දීමට මෙය යොදාගනී. (මාතෘකාව)

 

Attachment E-mail ලිපිය සමග යවන ඊට සම්බන්ධනොවූ වෙනම ඇ‍මිණුමක් ලෙස මෙය හැදින්විය හැක.  ලබන්නාට එය විවෘත කිරීමටල තම පරිගණකයේ තැන්පත් කිරීමට (Save)කරගත හැක.

 

Reply : ලිපිය එවනු ලැබූ පුද්ගලයාට පිලිතුරු යැවීමට

 

Forward : ලැබූ ලිපිය වෙනත් කෙනෙකුට යැවීම සඳහා භාවිතා කල හැක.

 

Delete : ලිපි මකා දැමිය හැක. 

(c) Shilpa Sayura Foundation 2006-2017