World Wide Web (WWW)
පරිගණක ආශ‍්‍රිතව සම්බන්ධව ඇති ලොව පුරා පැතිර පවතින අති විශාල ලේඛන (Document)වල එකතුවක් ලෙස www හැදින්විය හැකිය. සර්වරයේ වශයෙන් ක‍්‍රියා කරන පරිගණක අන්තර්ජාලයේ කොටසක් වශයෙන් ක‍්‍රියාත්මක වේ. ඔබ වෙබ් ලිපිනයක් ක‍්‍රියාත්මක කල විට අදාල වෙබ් අඩවිය සහිත සර්වරය සොයා ඒ තුලින් අවශ්‍ය තොරතුරු සහිත වෙබ් අඩවියේ අදාල ලිපිනය සහිත පිටුව ගෙන ඔබගේ පරිගණකය මත ප‍්‍රදර්ශනය කරයි.
උදාහරණය - url: http://www.pcwebopedia.com/index.html
වෙබ් පිටු
HTML පරිගණක භාෂාව මගින් ලියවී ඇති, අන්තර්ජාලය ඔස්සේ ලගාවිය හැකි ලේඛනයක් වෙබ් පිටුවක් නම් වේ. එක් වෙබ් පිටුවකට සුවිශේෂී URL එකක් ඇත. වෙබ් පිටුවක අකුරු/ඉලක්කම් රූප සටහන් ශ‍්‍රව්‍ය දෘෂ්‍ය අංග හා වෙනත් පිටුවලට ඇති සම්බන්ධක (Hyper Links) ආදිය අඩංගුවේ.
වෙබ් පිටු රඳවා තබන්නේ වෙබ් අඩවියකය. සෑම වෙබ් පිටුවකටම ඊට අදාල අන්තර්ජාල යොමුවක් පවතී. සෑම වෙබ් සර්වරයකටම Web ලිපිනයක් සහ ඩොමේන් නමක් (Domain Name) ඇත.

www මත වෙබ් අඩවි පිහිටීම
සෑම Web අඩවියකටම home page නමින් මුල් පිටුවක් ඇත. අමතරව තවත් වෙබ් පිටුද තිබිය හැකිය. වෙබ් අඩවියක් තනි පුද්ගලයෙකුටල ආයතනයකට හෝ සමූහයකට අයිති විය හැකිය.
URL :එක් වෙබ් ලිපිනයක් මගින් අන්තර්ජාලයේ නිශ්චිත ස්ථානයක් හඳුනාගනු ලබන අතර එය වෙබ් අඩවියක් ,වෙබ් පිටුවක් හෝ වෙනත් File එකක් විය හැකිය.
සෑම වෙබ් අඩවියක්ම IP ලිපිනයක් හා බැඳේ. එය බොහෝවිට එම වෙබ් අඩවිය රඳවා ඇති (Hosted) සර්වරයේ IP ලිපිනයයි.
IP ලිපිනයක් යනු කුමක්ද?
අන්තර්ජාලයට සම්බන්ධ සියලූම පරිගණක සඳහා සුවිශේෂී අංකයක් ඇත. එය IP අංකය හෝ IP ලිපිනය ලෙස හැදින්වේ.
උදා : 216.27.61.137
අන්තර්ජාලයට සම්බන්ධ සියලූම පරිගණක සඳහා සුවිශේෂී අංකයක් ඇත. එය IP අංකය හෝ IP ලිපිනය ලෙස හැදින්වේ.
උදා : 216.27.61.137
11011000.00011011.00111101.10001001
වෙබ් ලිපිනය හෝ Internet ලිපිනය
උදා - www.computerlanguage.com
IP ලිපින දශම (Decimal) සංඛ්‍යා එනම් 201.245.102.55 ලෙස ලියන නමුත් ල පරිගණකය තුල ඒවා ද්වීමය (Binary) සංඛ්‍යා ලෙස යොදා ගැනේ.
201.245.102.55=11001001.11110101.1100110.110111