දෙබස
කමල්- හලෝ සුනිල් කොහෙද මේ යන්නෙ?
සුනිල්- මම මගේ ප්‍රතිඵල බලාගන්න ඉස්කෝලෙට යන ගමන්. ඔයා යන්නේ නැද්ද?
කමල්- ඇයි ඔයා තවම ප්‍රතිඵල දන්නේ නැද්ද? මම මගේ ප්‍රතිඵල දැන ගත්තෙ
පෙරේද හැන්දැවෙනෙ.
සුනිල්- ඒ කොහොමද? ප්‍රතිඵල තැපෑලෙන් ආවෙ අද උදේ නේද?
කමල්- සුනිල් .... ඔයා පෙරේද ප්රවෘත්ති බැලූවෙ නැද්ද? එදා ? ඉදල ප්‍රතිඵල අන්තර්ජාලයෙන් බලා ගන්න පුළුවන් කියල ඒකෙ කිවනෙ.
සුනිල් - ඉතින් කොහොමද ඔයාගෙ ප්‍රතිඵල?
කමල් - මට A 5 ක් තියෙනවා B 2යි C එකයි
සුනිල් - මගේ සුභ පැතුම් .... ඒක නෙමෙයිල මොකක්ද අන්තර්ජාලය කියන්නෙ?
කමල්- දැන් අපිට හැම දේටම ඉස්කෝලෙට යන්න අවශ්‍ය නැහැ. මගේ
පරිගණකයෙන් තොරතුරු ගොඩාක් ලබා ගන්න පුළුවන්.
සුනිල්- මට ඒ ගැන කියනවාද? මම කිසිම දෙයක් දන්නෙ නැහැ.
කමල්- අන්තර්ජාලය කියන්නෙ ලෝකෙ ඕනෑම තැනක තියෙන තොරතුරක් ක්ෂණිකව ලබා ගන්න හැකියාවක් තියෙන ලෝකය පුරාම ව්‍යාප්ත වුනු පරිගණක ජාලයක්. විභාග දෙපාර්තමේන්තුවට අයිති වෙබ් අඩවියට ගියාම ප්‍රසිද්ධ විභාග ගැන තොරතුරු වගේම අලූත්ම විභාග ප්‍රතිඵල බලා ගන්න පුලූවන්. අපි අපේ ගෙදර ගිහිල්ලා ඔයාගෙ ප්රතිඵලයන් බලල ඒකෙ මුද්‍රිත පිටපතකුත් (Printout) අරගමු.
සුනිල් -ඔයාට ගොඩක් ස්තූතියි කමල්. මට පුලූවන් අපේ ගෙදර අයට මේ ගැන කියන්න.
තොරතුරු හුවමාරු කර ගැනීම සඳහා එකිනෙකට සම්බන්ධ කර ඇති පරිගණක වලින් සමන්විත අතිවිශාල පරිගණක ජාලයක් ලෙස අන්තර්ජාලය හැදින්විය හැකිය. පරිගණක ජාලයන් රාශියකගෙන් යුත් ජාලයක් ලෙසද එය හැදින්වේ. :(Networks of Network)
අන්තර්ජාලය භාවිතයට ගන්නේ ඇයි?
- දැනුම ලබා ගැනීමට
- තොරතුරු ලබා ගැනීමට
- සන්නිවේදන කටයුතු සඳහා
- විනෝදාස්වාදය උදෙසා
- භාණ්ඩ හා සේවා මිලදී ගැනීමට හා විකිණීමට