පද්ධති ස්ථාපනය කිරීම
 

Implementation
සංවර්ධනය කරන ලද නව පද්ධතිය භාවිතා කරන්නන් පිලිගැනීමෙන් පසුව ස්ථාපනය කිරීමේ අදියර පටන් ගැනේ. මෙම අදියරේදී න්‍යායන්, ප‍්‍රායෝගික තත්වයට පත්කෙරේ. මෙම අදියරේදී සියලූම පද්ධතියේ ක‍්‍රම ලේඛ භාවිතා කරන්නාගේ පරිගණකය මත ස්ථාපනය කෙරේ. පද්ධතියට ස්ථාපනය කිරීමෙන් පසුව භාවිතා කරන්නන් පහත සඳහාන් ආකාරවලට පුහුණු කල යුතුය.

1. පැකේජය ක‍්‍රියාකරවන ආකාරය - ආරම්භ කිරීම, හැසිරවීම, වැසීම ආදිය
2. දත්ත ඇතුලත් කරන ආකාරය
3. දත්ත හසුරුවන ආකාරය
4. වාර්තා ලබා ගන්නා ආකාරය

පද්ධතිය ස්ථාපනය කරන ආකාර තුනකි.

1. ඍජු ස්ථාපනය - Direct Implementation
2. සමාන්තර ස්ථාපනය - Parallel Running
3. අදියරින් අදියර ස්ථාපනය -(Phase Implementation)

ඍජු ස්ථාපනය
භාවිතා කරන්නා අතින් ක‍්‍රියාත්මක කරන පද්ධතිය සම්පූර්ණයෙන් නවතා දී ඇති දිනයක සිට පරිගණකය ආශ‍්‍රිත පද්ධතිය ක‍්‍රියාත්මක කිරීම.

මෙම ක‍්‍රමයේදී අඩු කාලයක් පාවිච්චි කරන අතර වියදම අඩුය. නමුත් අවාසියක් වන්නේ ගැටලූවක් ඇතිවූ විට මෙයින් ඈත්වී Manual System එකට නැවත යෑමට අපහසු වීමයි.

සමාන්තර ස්ථාපනය
මෙම තත්වයේදී (Manual හා Computer)යන දෙකම එකවර ක‍්‍රියාත්මක වේ.

මෙම ක්‍රමයේදී පහත සඳහන් දේ ප‍්‍රයෝජනවත් වේ.

Manual ප‍්‍රතිඵල පරිගණක ගත කළ පද්ධතියේ ප‍්‍රතිඵල සමග සන්සන්දනය කල හැක. පරිගණක ගත පද්ධතියේ මුල් අදියර වල අසාර්ථක භාවයක් ඇතිවූවහොත් එය අනෙක් සංවිධනගත කොටසට හානියක් නොවේ. මක්නිසාද යත් Manual System එක දිගටම ක‍්‍රියා කරන බැවිනි.

මෙහිදී ඇතිවන ප‍්‍රධානතම අවාසිය වන්නේ එකම කාර්ය දෙවරක් කිරීමට සිදුවන බැවින් භාවිතාකරන අයට වැඩ වැඩි ප‍්‍රමාණයක් කල යුතුව ඇත.

අදියරින් අදියර ක‍්‍රියාත්මක කරවීම
එක් අවයවයක් (කොටසක්) පළමුව ක‍්‍රියාත්මක කරන අතර අනෙක්වා ක‍්‍රියාත්මක කරන්නේ පළමු අදියර සාර්ථක වුවහොත් පමණි.

ඔබගේ පාසලේ පුස්ථකාලය පරිගණක ගත කරන්නේ නම් ඔබ අනුගමනය කරන ක්‍රමය කුමක්ද?

ඔබගේ පියාගේ ව්‍යාපාරික ගිණුම් පරිගණක ගත කරන්නේ නම් ඔබ අනුගමනය කරන ක්‍රමය කුමක්ද?

(c) Shilpa Sayura Foundation 2006-2017