තොරතුරු පද්ධති නිර්මාණය
 System Designing
මෙය භාවිතාකරන්නාගේ අවශ්‍යතාවය මත සිදු කරන අතර නව පද්ධතියේ විස්තර විෂ්ලේෂණයක් ද නිර්මාණය විය යුතුය.

සාමාන්‍යයෙන් නිර්මාණයක් දෙආකාරයකට සිදුකෙරේ.
1. මූලික හෝ සාමාන්‍ය නිර්මාණය
2. ව්‍යුහගත හෝ සවිස්තර නිර්මාණය

මූලික හෝ සාමාන්‍ය නිර්මාණය
මෙම අවස්ථාවේදී නව පද්ධතියේ ගති ලක්ෂණ හදුනා ගනී. භාවිතා කරන්නාගේ අවශ්‍යතා සපුරාලන පරිදි පද්ධතිය අර්ථ දැක්වීම හා නිර්මාණය විය යුතුය.

සවිස්තරව නිර්මාණය (Detailed designing)
මෙම අවස්ථාවේදී පරිගණකය සම්බන්ධ කටයුතු පටන් ගැනෙන අතර පද්ධති නිර්මාණ කිරීම සම්පූර්ණ වේ. ව්‍යුහගත නිර්මාණය කිරීම පරිගණක පද්ධතියේ නිල් පත‍්‍රිකාව වැනිය. එනම් දෙන ලද ගැටලූවකට විසදුම් සෙවීමේදී සැලකූ අවයවම අතින් ක‍්‍රියාත්මක මූලික ගැටලූ විසදීමේදී ලැබෙන අවයව වලට සමාන විය යුතුය. මෙම අවස්ථාවේදී භාවිතා කරන ක‍්‍රම ලේඛන භාෂාව හා පරිගණක පද්ධතිය ගැණ තීරණය කරගත යුතුයි.

උදාහරණය : ලිනක්ස්, සී++

නිර්මාණකරණය සඳහා ක‍්‍රමවේද කිහිපයක් භාවිතා කෙරේ. ඒවා නම්,

• Flow Chart
• Data Flow Diagram (DFDS)
• Data Dictionary
• Structured English
• Decision Table
• Decision Tree
 
 
තොරතුරු පද්ධති නිර්මාණය කිරීම පහත සඳහන් අවස්ථා සමග එකතු වී පවතී.
1. අතුරු මුහුණත් නිර්මාණය (භවිතා කරන්නා සඳහා අතුරු මුහුණත් නිර්මාණය)
o Design Input
o Design Output
 
A. දත්ත පාදක (Database) නිර්මාණය 
    දත්ත පාදක නිර්මාණ යනු Files නිර්මාණය කිරීම හෝ Database නිර්මාණය කිරීමය.
B. මෘදුකාංග නිර්මාණ
  පරිගණක මෘදුකාංග නිර්මාණය

 
Coding

නව පද්ධතිය නිර්මාණය කිරීමෙන් පසුව එය පරිගණකයට තේරෙන භාෂාවකට පරිවර්තනය කල යුතුය.  ඒ සඳහා පරිගණක භාෂාවක් භාවිතා කල යුතුය. මෙසේ coding කිරීමේදී ක‍්‍රමලේඛන ගොඩනැගෙයි.  ක‍්‍රමලේඛනය කොටස් වශයෙන් ගොඩනැගීම වඩා කාර්යක්ෂම වේ. මෙම අදියර ක‍්‍රමලේඛන අදියර (programming stage) ලෙස හැදින්වෙයි.
 
 
ඔබ තෝරා ගන්නා ලද තොරතුරු පද්ධතිය පහත සඳහන් අනු පිළිවෙලට සකසන්න.
 
1. දත්ත Input කිරීමට අතුරු මුහුණත් නිර්මාණය කරන්න.
2. දත්ත Output කිරීමට අතුරු මුහුණත් නිර්මාණය කරන්න.
3. තොරතුරු පද්ධතියට අදාල දත්ත ගබඩා ඇත්නම් ඒවා නිර්මාණ කරන්න.
4. විසදුම සොයා ගැනීම සඳහා අනුපිලිවෙලට සකස් කල ගැලීම් සටහන් (Flow Chart) අදින්න.
5. ඉහත ගැලීම් සටහනට අදාල Code ලිවීම සඳහා ක‍්‍රම ලේඛන භාෂාවක් පාවිච්චි කරන්න.
(c) Shilpa Sayura Foundation 2006-2017