System Testing
නව පද්ධති නියම වශයෙන් ක්‍රියාත්මක කිරීමට පෙර පද්ධතියේ Test Run එකක් සිදුකර Bugs (වැරදි) නැති කළ යුතුයි. සාර්ථක පද්ධතියක මෙම අදියර ඉතා වැදගත්ය. පද්ධතියේ මුලූ ඡුරදටර්ප එකම Program අවසාන වූ විට දෙන ලද Data වලට Test Plan එක සංවර්ධනය කර Run කල යුතුයි.
Test Data සමග පහත දැක්වෙන Test Run කල යුතුයි.
ඒකක හෝ මොඩියුල පරීක්ෂා කිරීම (Unit or Module testing)
සම්පූර්ණ පද්ධතිය තනි ඒකකයක් ලෙස පරීක්ෂා කිරීම (Integrated or system testing)
භාවිතා කරන්නාගේ පිලිගැනීම උදෙසා පරීක්ෂා කිරීම. (User acceptance testing)
ඒකක හෝ මොඩියුල පරීක්ෂා කිරීම
මෙහිදී පද්ධතිය නිර්මාණය කිරීමට යොදාගත් මොඩියුල වලට අදාල කේත ලියා වැඩ කරන තත්ත්වයට ගෙන ආ විට සූදානම් කරගත් Test Data සමග වෙන වෙනම පරීක්ෂා කල යුතුයි. එහිදී එක් එක් කොටසේ ඇති වැරදි, නිවැරදි කර ගත යුතුයි.
සම්පූර්ණ පද්ධතිය තනි ඒකකයක් ලෙස පරීක්ෂා කිරීම
පද්ධති පරීක්ෂණය පැවැත්වීමෙන් පසුව පද්ධතියේ වැරදි නිවැරදි කර ගෙන ඇත. මෙම අවස්ථාවේදී Test කරනු ලබන්නේ නියම දත්තයන් ඇසුරෙන්ය. මුළු පද්ධතියම ක්‍රියාත්මක වන්නේ (Execute)නියම දත්තයන් ඇසුරෙන්ය. පද්ධතියේ සෑම අදියරයකදීම ක්‍රියාත්මක වීමල ප්‍රතිඵල හා ප්‍රතිදානය විෂ්ලේෂනය කර ඇත.
ප්‍රතිඵල විශ්ලේෂනයේදී අප බලාපොරොත්තු වන Output එකට නොගැලපෙන Output එකක් ලැබිය හැක. එවිට එයට අදාල ක්‍රමලේඛ කොටස් හඳුනාගෙන ඉදිරියේදී නිවැරදි ධමඑචමඑ ලබා ගැනීමට කටයුතු කල යුතුයි.
භාවිතා කරන්නාගේ පිලිගැනීම උදෙසා පරීක්ෂා කිරීම.
මෙසේ Test Run මගින් පද්ධතිය වැරදි වලින් නිදහස්ව Run වන බව තේරුම් ගත් පසුව නිවැරදි දත්ත (Actual Data) සමග පාවිච්චි කරන්නාට ඔවුන්ගේ අවශ්‍යතාවයන් ඉටු වන බව පෙන්වන්න.