පද්ධති හඳුනාගැනීම
 

System Identification
පද්ධති සංවර්ධන චක‍්‍රයේ පළමු පියවර පද්ධති හඳුනාගැනීමයි. ප‍්‍රථමයෙන් පද්ධතිය පිළිබඳ මූලික අධ්‍යයනයක් සිදු කර පද්ධතිය හදුනා ගනු ලැබේ. පසුව භාවිත කරන්නාගේ අවශ්‍යතාවයන් ඉටුකළ හැකි සීමාවන් ඇතුලත පද්ධතිය සම්බන්ධ ගැඹුරින් අධ්‍යයනයක් කෙරේ. දැනට යම් ආකාරයක පද්ධතියක් ඇත්නම් මෙහිදී එය මේ ආකාරයෙන් අධ්‍යයනය කරනු ලබන අතර අලූත්ම පද්ධතියක් නම් එයට සමාන වෙනත් පද්ධතියක් පිලිබඳ අධ්‍යයනය කෙරේ.

පද්ධතිය සංවර්ධනය කරනු ලබන ආකාරය පිළිබඳ යෝජනා ඇතුලත් සැලසුම් මෙහිදී
පද්ධති විශ්ලේෂක (System Analyst) විසින් භාවිතා කරන්නාට ඉදිරිපත් කොට සුදුසු විසදුම තීරණය කරයි.

වඩාත් විශ්ලේෂණාත්මකව පද්ධතිය අධ්‍යයනය කිරීම සඳහා මෙම අදියර උප මාතෘකාවලට බෙදා ගත හැකිය.

1. ගැටලූව හඳුනා ගැනීම හා ව්‍යාපෘතිය ආරම්භ කිරීම
2. පසුබිම් විශ්ලේෂණය
3. සොයාගත් කරුණු අර්ථකතනය කිරීම

(c) Shilpa Sayura Foundation 2006-2017