පද්ධති ප්‍රධාන ආකාර දෙකකි. ඒවා නම් ස්වාභාවික හා මිනිසා විසින් ගොඩනගන ලද පද්ධති වේ. ස්වාභාවික පද්ධතීන් තුල පැහැදිලි අවශ්‍යතාවයක් දක්නට නොලැබිය හැකි අතර,ඒවා පරිසරයේ ස්වාභාවික පැවැත්ම කෙරෙහි දායක වේ. මිනිසා විසින් ගොඩනගන ලද පද්ධතීන් පැහැදිලි අවශ්‍යතාවයක් සඳහා එක්ව ක්‍රියාකල හැකි කොටස් කිහිපයක එකතුවක් ලෙස නිර්මාණය කර ඇත.
පද්ධතියක් නිර්මාණය කිරීමේදී උපාංගවල අන්තර් ක්‍රියාව, පද්ධතියේ සීමාවන් සහ පද්ධතියතුල සිටින සාමාජිකයන් පිළිබඳ පැහැදිලි අදහසක් තිබිය යුතුය.
විවෘත පද්ධති
විවෘත පද්ධතියක් බාහිර පරිසරය සමග අන්තර්ක්‍රියාවන් දක්වන අතර සංවෘත පද්ධතීන් පරිසරයෙන් වෙන්ව පවතී. පූර්ණ සංවෘත පද්ධතීන් නොපවතින අතර ඕනෑම පද්ධතියක් බාහිර පරිසරය සමග කිසියම් ආකාරයක අන්තර්ක්‍රියාවක් දක්වයි.
උප පද්ධතියක් යනු අංග කිහිපයක එකතුවක් වශයෙන් තනි කාර්යයක් ඉටු කිරීම උදෙසා සකස්ව ඇති එහෙත් වෙනත් විශාල පද්ධතියක කොටසක් වශයෙන් පවතින පද්ධතියකි. මිනිසා විසින් සාදනු ලබන පද්ධතියක් යම් කිසි පවතින ගැටලූවක් සඳහා ඉදිරිපත් වන, සංවිධානාත්මක විසදුමකි. පද්ධති විශ්ලේෂණය හා නිර්මාණය යනු පරිගණකය ආශ්‍රිතව මෘදුකාංග සංවර්ධනයෙන් විසදුම් ලබා ගැනීම සඳහා වූ ක්‍රම පිළිබඳ ඉගෙන ගන්නා විෂයයකි.