පංචතූර්ය වාදන පවත්වන අවස්‌තා
 
බෙර දවුල් තම්මැට්‌ටම් හොරණෑ තාලම්පට ආදී භාණ්‌ඩ වාදනය කරමින් ඉදිරිපත් කරන හේවිසි වාදනයක්‌ ඔබ දැක ඇතුවාට සැක නැත. පංසලේ පිංකමක හෝ පෙරහැරක අපට නියත වශයෙන්ම දැකිය හැකි අංගයකි මේ තූර්ය වාදනය. හේවිසි වාදනය පංචතූර්ය වාදන අවස්‌තාවකට හොදම උදාහරණයකි. ඒ අනුව පංචතූර්ය වාදන අවස්‌තා ලෙස අපට පහත සඳහන් අවස්‌තා දැක්‌විය හැකිය.
 

 
 * ආගමික උත්සව
 * සංස්‌කෘතික උත්සව
 * සමාජීය උත්ස්‌ව
 
මීට අමතරව දළඳා මාලිගාවේ දන්ත ධාතුන් වහංසේ උදෙසා කෙරෙන තේවා වාදනය පංචතූර්ය වාදනයකි. මෙය දෛනික චාරිත්‍රයක්‌ වන අතර මේ සඳහා ඉදිරිපත් වූ ශිල්පීන් සඳහා අතීත රජවරු තුටු පඩුරු ලෙස ගම් නියම් ගම් පවා පවරා දී ඇත.