පරිගණක භාෂාවල පරිණාමය
 


1. පලමු පරම්පරාවේ පරිගණක භාෂා :Machine Language
2. දෙවන පරම්පරාවේ පරිගණක භාෂා :Assembly Language - 8086
3. තුන්වන පරම්පරාවේ පරිගණක භාෂා :High Level Language -C
4. හතරවන පරම්පරාවේ පරිගණක භාෂා :Artificial Language - Prolog
5. පස්වන පරම්පරාවේ පරිගණක භාෂා :Java



1 පලමු පරම්පරාවේ පරිගණක භාෂා :Machine Language

මෙම වැඩ සටහන් ලියන ලද්දේ 0 හා 1 භාවිතා කර Machine Code එකෙනි.
එබැවින්, විධාන ඇතුලත් කිරීම ඉතා සංකීර්ණ කාර්යයක් විය.

- යන්ත‍්‍රය මත යැපෙන භාෂාවකි
- ක‍්‍රමලේඛකයා විසින් පරිගණකයේ දෘඩාංග (Hardware) පිලිබඳව දැනගතයුතුවේ.
- පරිවර්තක මෘදුකාංගයක් අවශ්‍ය නොවීය.
- වැඩසටහන් ක‍්‍රියාත්මක වීම වේගවත්ය.

 


2 දෙවන පරම්පරාවේ පරිගණක භාෂා :Assembly Language

විධාන ක‍්‍රමය Machine Langusge එකට සාපේක්ෂව සරලය.
විධාන ගනණාවක් වෙනුවට සංකේත භාවිතා කිරීම නිසා සංකේත භාෂා ලෙස හඳුන්වනු ලැබේ.

- Assembler නම්වූ සුවිශේෂී භාෂා පරිවර්තකයක්, සංකේතාත්මක භාෂාව යාන්ත‍්‍රික භාෂාව බවට පරිවර්තනය කිරීම සඳහා යොදාගන්නා ලදී.
- යන්ත‍්‍රය මත යැපෙන භාෂාවකි.
- මෙය පලමු පරම්පරාවට වඩා ක‍්‍රියාත්මක වන වේගය අඩුවිය.



3 තුන්වන පරම්පරාවේ පරිගණක භාෂා :High Level Language

පරිගණක ක‍්‍රමලේඛනය කිරීමේ භාෂාව සංකීර්ණත්වය අඩු මක්නිසාද යත් මෙහිදී භාවිතා කල වචන සහ සංකේත සරල හා ලෙහෙසි ඒවා වීමය.
- මේවාට Procedural භාෂා යැයිද කිවහැක.
- උදාහරණ: FORTRAN, COBOL, PASCAL, C‍
- වැරදි හඳුනා ගැනීමේ පණිවිඩ දෙනු ලබන අතර ක‍්‍රම ලේඛය පරීක්ෂා කිරීම පහසුවේ. ( Error Handling)
- යන්ත‍්‍ර මත යැපෙන්නක් නොවේ.
- ක‍්‍රම ලේඛකයකු පුහුණු කිරීම පහසුවේ.
- විවිධ යන්ත්‍ර සඳහා පරිවර්තක මෘදුකාංගයක් ( Compiler) අවශ්‍ය විය.

 


4 හතරවන පරම්පරාවේ පරිගණක භාෂා :High Level Language
තීරණ ගැනීම සඳහා පරිගණක මාධ්‍ය මගින් නිර්මාණය කිරීමට භාවිතා කරයි.
පරිගණක වලට මිනිසුන් භාවිතා කරන භාෂා තේරුම් ගැනීමට පහසුවන මෘදුකාංග නිර්මාණය කිරීමටද භාවිතාවේ.

- වඩාත් බහුලව භාවිතා කරන භාෂා දෙකක් වන්නේ LISP සහ Prolog ය.
- රොබෝ යන්ත‍්‍ර වැඩසටහන් නිර්මාණය කිරීමටද භාවිතා කරයි.

5 පස්වන පරම්පරාවේ පරිගණක භාෂා :High Level Language+
මේවා 3 වන පරම්පරාවේ භාෂාවල දියුණු කිරීමක් වන අතර Object Oriented Programming සඳහා භාවිතා කරයි.

උදාහරණ C++, Java, Python

(c) Shilpa Sayura Foundation 2006-2017