පංච තූර්ය වාදනය
 අතත,විතත,විතතත, ඝණ හා සුසිර වර්ගවලට අයත් තූර්ය භාණ්‌ඩ සුසංයෝගී කරමින් කෙරෙන සමූහ වාදනය පංචතූර්ය වාදනයක්‌ නමින් හැදින්වේ. පංචතූර්ය වාදනය ඉතා ඈත අතීතයේ සිටම පැවතුනක්‌ බවට අපේ පැරණි පොත්පත් හා ශිලා ලේඛන සාක්‍ෂි දරයි. අතීතයේ ආගමික කටයුතු හා රාජ උත්සව ආදී අවස්‌තාවන් වල පංච තූර්ය වාදනයන් පැවැත්වූ බවට පොතපතේ සඳහන් වේ. 
 
පංචතූර්ය භාණ්‌ඩ වෙන වෙනම වර්ග කොට ඇත්තේ ඒවා වාදනය කරන හා සදා ඇති අමුද්‍රව්‍ය අනුසාරයෙනි. මෙම වර්ගීකරණයන්ට අනුව කිනම් දේශීය තූර්ය භාණ්‌ඩයක්‌ වුවද මේ පස්‌ වර්ගයෙන් එක වර්ගයකට අයිති වේ. 
 
පංචතූර්ය භාණ්‌ඩ වර්ගීකරණය පිලිබඳව පංචතූර්ය භාණ්‌ඩ මාතෘකාව යටතේ පැහැදිලි කර ඇත.
(c) Shilpa Sayura Foundation 2006-2017