හටන් ගී
 අතීතයේ ශ්‍රී ලංකාවේ පැවති නොයෙකුත් සටන් සම්භන්ධයෙන් ලියැවී ඇති කවි හටන් කවි නමින් හඳුන්වනු ලබයි. පරංගි හටන, ලන්දේසි හටන, ඉංග්‍රීසි හටන, දුටුගැමුණු එළාර හටන ආදිය පිළිබඳ අතීත කවීන් කළ කාව්‍ය රචනා හටන් කවි නමින් සිංහල සංස්‌කෘතියට එකතු වී ඇත. අතීත ගැමියෝ රාත්‍රියට තම නිවෙස්‌ වල එක්‌ රොක්‌ වී අකුරු දන්නා කෙනෙකු ලවා මෙම හටන් කාව්‍ය කියවා අසා රස වින්දෝය.

ප්‍රභු වරුන් තම නිලයේ පමණට ගායක කණ්‌ඩායමක්‌ (වන්දිභට්‌ටයින්) තබා ගැනීමට රජු අවසර දුනි. මෙවැනි ප්‍රාදේශීය නිළ ලත් ප්‍රභුවරුන්ගේ මන්දිර වල එම නායකයින් සතුටු කරනු වස්‌ හටන් ගී ගායනා කරන ලද බව පනප්‍රවාදයේ කියැවේ. සිංහල කාව්‍ය අතර ඉංග්‍රීසි හටන, පරංගි හටන, වඩුග හටන, දුනුවිල හටන, වෙල්ලස්‌සේ හටන, විජිතපුර හටන ආදී කාව්‍ය ග්‍රන්ථ දක්‌නට ලැබේ.

සාමාන්‍ය ජනයාද අසා රස විඳීමේ පරමාර්ථය පෙරදැරි කරගෙන ලියන ලද මෙම කාව්‍ය රචනා බොහෝ විට සරල සිංහල භාෂා ශෛලියකින් රචනා කර ඇත.

පුරාණ සමුදුර
පුරාණ සමුදුර දුවන නැව් දැකලා - රුපු බිය
කරන රඟ දැක විලස පුර උගුලා - රුපු බිය
කරන රඟ දැක විලස පුර උගුලා

කරන යුද කෙළි අකුණු හඬ උදුළා - විලසට
හරින වෙඩි අත් උදුළ කොඩි බිඳලා - විලසට
හරින වෙඩි අත් උදුළ කොඩි බිඳලා

වරණ වදහළ සෙන හඬයෙ නැඹලා - වැද එති
දෙරණ මැඩ එක පැහැර වට කරලා - වැද එති
දෙරණ මැඩ එක පැහැර වට කරලා

නරන යුතු රජ සිංහ රජු දැකලා - රුපුගැති
ඛරන යුද කිම කොයිද පද වැඳලා - රුපුගැති
ඛරන යුද කිම කොයිද පද වැඳලා

යුද්දෙටත් ඇවිත්
යුද්දෙටත් ඇවිත් සිඳුපිට
නැව් නැගිලා පරංගි
උන් නමුත් ඇවිත් කොළඹට ගොඩ බැසලා
අන්දමත් සොඳයි කිසි බී සී ගාලා කොළඹදී
කම්පලත් නැතත් සෙනෙඟක්‌ මරා දාලා

ලත් තැනින් ගියත් මහසෙන්
රට ගන්ටා නුවර
මත් වෙලත් දොඬනත් වෙරිමත පෙන්නාලා
කත් ගෙරිත් මසුන් උන්ගේ කුණුපණ යන්ටා වෙනනැත
දැන් කිසිත් ජයත් යුද වැදුමෙන් උන්ටා
(c) Shilpa Sayura Foundation 2006-2017