ගැට බෙරය
 

ගැට බෙරය


 

ඉතා දීර්ඝ ඉතිහාසයකට නෑකම් කියන ගැට බෙරය උඩරට නැටුම් සම්ප්‍රදාය හා බැදුනු තාල වාද්‍ය භාණ්‌ඩයකි. මෙය උඩරට බෙරය යනුවෙන්ද ව්‍යවහාර කරයි. මෙම ගැට බෙරය බොහෝ විට වාදනය කරනු ලබන්නේ යුගල වශයෙනි. මෙම බෙරයෙහි බෙර කඳ, කොහොඹ, ඇහැළ, ගංසූරිය වැනි දැව වලින් සකස්‌ කරගනු ලබන අතර, බෙරයෙහි දිහ ප්‍රමාණය වියත් තුනක්‌ සහ අඟල් තුනකි. බෙරයෙහි දකුණු ඇස වඳුරු සමින් සකස්‌ කරගන්නා අතර වම් ඇස සඳහා එළු සම් යොදා ගනු ලබයි.

 

 

 

(c) Shilpa Sayura Foundation 2006-2017