මෙය අන් සියලු බෙර වලට වඩා ප්‍රමාණයෙන් විශාල බෙරයකි. දවුලට බොහෝ සමාන කම් ඇති මෙම බෙරය, වාදයනයද දවුලට සමාන උවත්, මෙහි දවුලේ මෙන් වරපටි තදින් බැද නොතිබීම නිසා ඉතා ගැඹුරු හඬක් උපදී. මෙය වර්තමානයේ විහාරස්‌ථාන කිහිපයකද, දළඳා මාලිගාවේද දක්‌නට ඇත. ආගමික උත්සව අවස්‌තාවන් හි භාවිතයට ගනී.