පටාව
 

එක්‌ පැත්තකින් පමණක්‌ වාදනය කරන බෙරයකි. ගැට බෙරයට සමාන හැඩයක්‌ ගන්නා මෙම පටා බෙරයේ බෙර ඇස යම් බදාමයක්‌ යොදා ඇස මැද ගල්වා ඇත. මෙමගින් හඬ විහිද නොයා ඊටම ආවේනික වූ හඬක්‌ මතු කරයි. දකුණු ඉන්දියාවේද භාවිතාවන මෙම බෙර විශේෂය ක්‍රමයෙන් අභාවයට පත්වෙමින් වර්තමානයේ නමකට පමණක්‌ සීමා වූවකි.

(c) Shilpa Sayura Foundation 2006-2017