තාලම්පට
 


දේශීය නර්තන සම්ප්‍රදායන් හී තාල තබන ප්‍රධාන වාද්‍ය භාණ්‌ඩයකි තාලම්පට. තාලම් පට උඩරට නැටුම් සම්ප්‍රදාය තුල බහුලව භාවිතා වන අතර උඩරට නැටුම් අතර විශේෂ සබඳතාවයක්‌ ද පවතී.
 
 ලෝහයෙන් කල පියන්පත් දෙකකින් යුත් තාලම් පොට ඝණ වර්ගයට අයත් තූර්ය භාණ්‌ඩයකි. පියන් පත් තුල මැද ඇති සිදුරට නූලක්‌ යවා එය අතින් අල්ලා ගත හැකිවන පරිදි සකස්‌ කර ඇත.
මෙම පියන්පත් එකිනෙක ගැටීමෙන් හඬ උපදවයි. තාලම් පොටින් උපදින ප්‍රධාන හඬවල් දෙකකි. ඒ තිත් හා තෙයි යන හඬ දෙකයි. ක්‍ෂානාන්ත නාදයක්‌ වන තිත් හඬ මතුවන්නේ තාලම් පොටේ පියන්පත් විවෘත නොවනසේ එකට ගැසීමෙනි. මෙම හඬ උපන් සැනින්ම අවසන් වේ. තාලම් පොටේ පියන්පත් විවෘත වන සේ වැයීමෙන් තෙයි හඬ ඉපදේ. මෙම හඬ බොහෝ වෙලාවක්‌ විහිදෙන බැවින් හීනන්ත නාදයක්‌ ලෙස හදුන්වයි.
 
 තාලම්පට භාවිතා කරමින් කරන ගැමි නැටුමකි තාලම් නැටුම. පහතරට නැටුමේ එන වඩිග පටුන නැටුම සඳහාද තාලම්පට වාදනය කරනු ලබයි.
(c) Shilpa Sayura Foundation 2006-2017