හොරණෑව
 
පංච තූර්ය භාණ්‌ඩ අතර සුසිර ඝණයට අයත් වාද්‍ය භාණ්‌ඩයකි. දේශීය වාද්‍ය භාණ්‌ඩ අතර නළා විශේෂයකි හොරණෑව. හේවිසී වාදයකදී දවුල හා තම්මැට්‌ටම සමග භාවිතා කරනු ලබයි. පහතරට නැටුමේ එන කෝලම් නාට්‍ය වලදී හොරණෑව භාවිතා කරයි. සීමිත ස්‌වර ගණනක්‌ හිමිය. හොරණෑව එක දිගට නොනවත්වා වාදනය කරන අතර එකම හඬක්‌ බොහෝ වේලාවක්‌ වාදනය කරයි. 
 

හොරණෑව පිබින්නේ හොරණෑවේ සිහින් කෙලවරේ ඇති ඉපියාව මට මුව තබා පිඹිමිනි. මෙම ඉපියාව තල් කොළයකින් සදා තිබේ. එම ඉපියාව අච්චු කූර නැමති ලෝහ කොටසකට සවි වී ඇත. හොරණෑවේ කඳ ලීයෙන් කරවයි. මෙම කඳ මට ඇති සිදුරු සදා ඇත. සිදුරු මතට අතැගිලි තබා වැසීමෙන් හා ඉවත් කිරීමෙන් ස්‌වර නිපදවයි.