රබාන
 
දේශීය වාදන භාණ්‌ඩ අතර ප්‍රචලිත අතත ගණයට අයත් වාද්‍ය භාණ්‌ඩයකි. එක්‌ ඇස්‌ බෙරය නමින් අතීතයේ හදුන්වා ඇත්තේ මෙම රබානටය. රබානේ එක්‌ මුහුණතක්‌ පමණක්‌ තිබීම මෙයට හේතුව වශයෙන් දැක්‌විය හැකිය. රබන් වර්ග කිහිපයක්‌ අපට දක්‌නට ඇත. අත් රබාන, විරිදු රබාන, බංකු රබාන යනු ඒවාය. 

 

අත් රබන් භාවිතා කරනුයේ ලංකාවේ එක්‌ සුවිශේෂී සබ නැටුමක්‌ වන රබන් කැරකවීමේ නැටුම සඳහාය. විරිදු රබාන භාවිතා කරනුයේ විරිදු ගායනා සඳහා තාල තැබීමටය. බංකු රබාන ඉහතින් සඳහන් කල අන් රබන් විශේෂයන්ට වඩා ප්‍රමාණයෙන් විශාලය. බංකු රබාන භාවිතා වනුයේ රබන් පද වැයීමටය. මෙය කිහිපදෙනෙක්‌ රබාන වටේ හිඳ ගනිමින් කරනු ලබයි. අලුත් අවුරුදු සමයේ නිතර දක්‌නට ලැබෙන මෙම බංකු රබන් වාදනය ගැමියන් අතර ප්‍රචලිත වාද්‍ය භාණ්‌ඩයකි.