උඩැක්‌කිය.
 



සබ නැටුම් සඳහා භාවිතා කරන උඩැක්‌කිය උඩරට නැටුම් සම්ප්‍රදාය තුල භාවිතා කරාන අතත ගණයට අයත් තූර්ය භාණ්‌ඩයකි. දේශීය වාදන භාණ්‌ඩ අතර ඉතා ප්‍රචලිත මෙම වාද්‍ය භාණ්‌ඩය, පහතරට හා සබරගමු නැටුම් සම්ප්‍රදායන් තුල ඇතැම් ශාන්තිකර්ම වලදී භාවිතා කරනු දැකිය හැකිය. 
 
ගංසූරිය දැව කොට වලින් නිපදවන උඩැක්‌කිය, දකුණු බෙර ඇසට තලගොයි හෝ වදුරු හම් භාවිතා කර සකස්‌ කරයි. වම් බෙර ඇස සඳහා ඉතා තුනී එළු හමක්‌ එලා මුහුණත හරහට තත් බැඳ ඇත. මෙසේ තත් බැදීමෙන් උඩැක්‌කියටම ආවේනික වූ හඬක්‌ ඉපදේ. 
 
වියතකුත් අඟල් තුනකින් දිගින් යුත් බෙර කඳ මැදින් සිහින් හා දෙපස මහතින් යුතු හැඩයක්‌ ගනී. සිහින් කඳවටා වලලක්‌ වැනි රෙදි වලින් කළ සවරමක්‌ දමා තිබේ. මෙය බඳ පටිය ලෙස හදුන්වයි. මෙම සවරම තද කිරීමෙන් හා ලිහිල් කිරීමෙන් උඩැක්‌කියේ හඬ පාලනය කරනු ලබයි.
(c) Shilpa Sayura Foundation 2006-2017