සමූහ වාදනයක් ඉදිරිපත් කිරීමේදී අප මුලින්ම ඒ සඳහා සුදුසු මාතෘකාවක් නැතහොත් තේමාවක් තෝරාගත යුතුවේ. පසුව එම තේමාව පිළිඹුබු වන පරිදි සමූහ වාදනය ඉදිරිපත් කළයුතුය. බොහෝවිට මේ සදහා තේමාවක් තෝරාගැනීමේදී අපට අපේ පරිසරය ආශ්‍රිත මාතෘකාවක් තෝරාගැනීම පහසුය. අප මේ සඳහා වැස්‌ස යන තේමාව මාතෘකා කොට ගෙන ඒ සඳහා සමූහ වාදනයක් නිර්මාණය කරමු.
මෙහිදි අප තෝරගත් තේමාවේ අවස්‌තා අවබෝධ කරගත යුතුවේ. වැස්‌ස තේමාවේදි එන විශේෂ අවස්‌තා පහත පරිදිය.
1. වැසි වැටීමට පෙර පරිසරයෙ සිදුවන වෙනස් වීම්.
සුලන් හැමීම, සුළග නිසා ගස්‌වැල් වැනී එකට ගැටෙන හඬ, ජලජ සතුන් ගේ කෑගැසීම්.
2. කෙමෙන් පොද වැටී වැස්‌ස ආරම්භ වීම.
කුඩා පොද වැටීම, ක්‍රමක්‍රමයෙන් වැඩිවීම, සුලගට වැස්‌ස ගසාගෙන යෑම, වැස්‌සේ වේගය අඩුවැඩි වීම, වැස්‌ස පොලොවට වැටෙන හඬ,
3. වැස්‌සේ අවසානය.
කෙමෙන් කෙමෙන් වැස්‌ස අඩුවීගෙන ගොස්, වැස්‌ස නැවතී යෑම හා නැවත පැවති පාරිසරික තත්වයන් ඇතිවී, සතුන් ගේ කෑ ගැසීම් නැවත ඇසීම.
ඉහත පෙල ගැස්‌සවූ අයුරින් වාදනය ඉදිරිපත් කිරීමට එකී අවස්‌ථා ඉස්‌මතු කරගැනීමට අවශ්‍ය හඩවල් මතුකරගත හැකි වාද්‍ය භාණ්‌ඩ රැස් කරගැනීම මීළඟ කටයුත්තයි.
මේ සඳහා සාම්ප්‍රදාක තූර්ය භාණ්‌ඩද ආදේශණ භාණ්‌ඩ යොදා ගත හැකි අතර මෙම වාදනයට සාම්ප්‍රදායික පද යොදා ගැනීම අත්‍යාවශ්‍ය නොවේ. ඔබ අවදානය යොමුකළ යුත්තේ අවශ්‍ය හඬ මතුකර ගැනීම පිළිබඳවය. විවිධ ආදේශණ භාණ්‌ඩ භාවිතා කරමින් ඉහත කී අවස්‌තාවල හඬ මතු කර ගත හැකිදැයි පරික්‍ෂා කර බලන්න.
මෙහිදී ගැටබෙර, උඩැක්‌කි, දවුල්, තම්මැට්‌ටම් , රබන් ආදී සාම්ප්‍රදායික භාණ්‌ඩ භාවිතා කල හැකිය. මේ සඳහා භාවිතා කළ හැකි ආදේශන භාණ්‌ඩ කිහිපයක් පහතින් දැක්‌වේ.
1. තකරන් තහඩු - ( මෙම තහඩුවක් ලෙසවීමෙන් ගෙරවිලි හඬ මතුවේ )
2. එක්‌ස් රේ කොළ - ( සෙලවීමේන් වැස්‌සේ හඬ මතුවේ )
3. උණබෙර, ටින් බෙර, ප්ලාස්‌ටික් කෑන් මගින් විවිධ හඬවල් මතුවේ.
4. එක්‌ස් රේ කොලවලින් සාදන ලද බෙර
5. ගොක්‌කොල නලා, පැපොල් බට නළා සතුන් ගේ ශබ්ද මතු කරගැනීමට.
මෙසේ ඉහත සඳහන් කල භාණ්‌ඩ යොදා ගනිමින්, එක් එක් අවස්‌තා ශ්‍රාවකයන්ට පැහැදිලිව ඇසෙන පරිද්දේන් ඝෝෂාවක් නොවන පරිද්දෙන් ඉදිරිපත් කරන සමූහ වාදනය ඉතා සමූහ වාදනයක් වනු ඇත.