කැටපත් පවුර හා සීගිරි කුරුටු ගී
 

පඩිපෙළ අවසානයේ පර්වත පාදය දිගේ ගමන් කරන්නන්ට ආරක්‍ෂාව සැපයීමට හුණු බදාමයෙන් කල මහා ප්‍රාකාරයකි. අඳුරු ගුහාවක් තුලින් ගමන් කරන්නාක් මෙන් දැනෙන කැටපත් පවුර ඉතාමත් සුමුදු වන අතර කැටපත් මෙන් දිස්නය දේ. ගමන් මගට ආලෝකය ලබාගැනීමට එය කැටපතක් මෙන් සුමුදු කලා දැයි අයකුට සිතිය හැක. කැටපත් පවුර සීගිරියේ ඉතිහාසික වටිනාකම වැඩි කරන්නේ, ක්‍රි.ව. 8-10 සියවස් වලදී එහි පැමිණි කුරුටු ගී නිසාය. එකල්හි භාෂාව, ව්‍යාකරණ, පුද්ගල ආකල්ප, අවට ප්‍රදේශ හා තිබූ සම්බන්ධතා සොයාගැනීමට එම ගී උදව් වේ. සීගිරි කුරුටු ගී 685 පරණවිතාරණ මහතා විසින් කියවා පරිවර්ථනය කර විග්‍රහ කර ඇත.
 

 



(c) Shilpa Sayura Foundation 2006-2017