ව්‍යාපාර සැලැස්මක් යනු කුමක්ද?
ඔබේ ව්‍යාපාරයේ අනාගත අපේක්ෂාවන් පිළිබඳ විස්තරයක් සහ විශ්ලේෂණයක් ඇතුලු ආර්ථික වර්ධනයේ සියලුම අංග ඇගයීමට ලක් කෙරෙන කළමණාකරන සැලසුමකි. එය ඔබගේ ව්‍යාපාරයේ තත්වය හා ඉදිරිය පෙන්වන කැඩපතකි.
වෙනස්වන ව්‍යාපාරක පරිසරය අනුව එය යාවත්කාලීන කිරීමටත් වැදගත් ව්‍යාපාරික තීරණවලට එළබීමටත් ව්‍යාපාරය නිසි මග යන්නේද යනුවෙන් නිරීක්ෂණය කිරීමටත් එය උපකාරී වේ.
ව්‍යාපාර සැලැස්මක් ව්‍යාපාරයේ ප්‍රමාණය අනුව නොව සෑම ව්‍යාපාරයකම තිබිය යුතු සම්පතකි. එය ක්‍රමයෙන් ගොඩනැගෙන හා ව්‍යාපාරයේ ගමන් ගමයි.
බොහෝ ආරම්භක ව්‍යවසායකයින් දැන් තම ව්‍යාපාර සැලැසුම් ලිවීමට අකැමැතිය. එය වරදකි.
ව්‍යාපාර සැලැස්මක් සකස් කරන්නේ ඇයි?
පළමුවෙන්ම ව්‍යාපාරය විශ්ලේෂණය කර ඔබේ අරමුණ පැහැදිලිව කෙටියෙන් සඳහන් කරන්න. ව්‍යාපාරික සැලසුම ආයෝජකයින් සහ බැංකු සඳහා ඉතාම අවශයය. ඔබම මෙය සෑදිය යුතු වන්නේ විශේෂඥ උපදෙස් ප්‍රයෝජනවත් නමුත් ඒවා ඉතා අපහසු ගමන් මාර්ගයන් විය හැකි නිසාය.
ඔබේ ව්‍යාපාර සැලසුම මගින් ඔබගේ ව්‍යාපාරයේ මඟ හැරී ඇති සහ දුර්වල ස්ථාන අනාවරණය කළ හැකිය. කෙටි කාලීන අරමුණු මෙන්ම දිගු කාලීන අරමුණුද ව්‍යාපාරයක තිබිය යුතුයි. ව්‍යාපාරයක යථාර්ථය පසුව වෙනස් විය හැකි බැවින් දීර්ඝ කාලයකට සැලසුම් කිරීම නිෂ්ඵලය.
සර්වශුභවාදයෙන් වැළකී සිටින්න. ප්‍රාග්ධන අවශ්‍යතා, කාලසීමාවන්, විකුණුම් සහ ලාභයන් වෙනුවෙන් ඇස්තමේන්තු කිරීමේදී අතිශයින් මධ්‍යස්ථ වන්න.
ව්‍යාපාරික විපත් කාලයක් තුළදී, ඔබගේ උපායමාර්ගයන් වන්නේ මොනවාදැයි සඳහන් කිරීම වැදගත්ය.
සරල බසක් භාවිතා කරන්න. කියවීමට සහ අවබෝධ කරගැනීමට පහසු වන ආකාරයට සකස් කරන්න.