ඔබේ ව්‍යාපාරය ආරම්භ කිරීම සඳහා මුදල් කන්දරාවක් තිබීම බාධාවක් විය හැකිය. ඔබ ඉතා ඉක්මණින් සහ විශාල ප්‍රමාණයකට වගකීමෙන් බන්ධනගතව සිටින බවය. ඉතා පහත් මට්ටමකින් ආරම්භ කිරීමෙන් ඔබ ඉදිරියට යන ගමන් ඉගෙන ගනිමින් ගැටළු හා වැරදි මඟහරවා ගැනීම කළ හැකියබොහෝ ව්‍යාපාර ඉතා කුඩා ආයෝජනයකින් කුඩා පරිමාණයෙන් ආරම්භ කළ හැකිය.
ඔබට සතුට ගෙන දෙන ව්‍යාපාරයක් තෝරා ගැනීම ඉතාමත් වැදගත්ය. එය ජීවිතය සදාකාලීන මිතුරෙකු තෝරා ගැනීමක් සේ සිතන්න.
ඔබේ ව්‍යාපාරය ආරම්භ කරන සංක්‍රාන්ති කාලය තුළ ඔබේ රැකියාව ඔබේ ආර්ථිකය ශක්තිබත් බව ඇති කරයි. එය අතහැර නොදමන්න. ඔබේ ව්‍යාපාරය ආරම්භ කිරීම සඳහා ඔබට ඉල්ලා අස්වීමට අවශ්‍ය වුවහොත් ඉවත්වීමට පෙර සියල්ල සුදානම් කර ගන්න. හැකි නම් සාධාරණ දියුණුවක් ලබාගන්නා තුරු මුල් රැකියාවෙන් ඉවත්ව නොයන්න.
ඔබගේ සියලු දේපල අවදානමට පාත්‍ර කිරීම වරදකි. ව්‍යාපාරයක් සුදුවක් නොවේ. එය එක්තරා අත්හදා බැලීමකි. ඔබේ දේපල වලින් අවදානමට ලක් කළ හැකි උපරිම මුදල ලබා ගන්න. ඒ මුදල ව්‍යාපාරයේ අවදානමට සීමා කර ගන්න.
ඔබේ මුදල් ව්‍යාපාරය ආරම්භ කිරීමේ හා මෙහෙයවීමේ ඉන්ධනය වන අතර මුත් වඩා වැදගත් කරුණ නම් ඔබට ගැලපෙන ව්‍යාපාරය ආරම්භ කිරීමය.
ආරම්භ කිරීම සඳහා සුදුසුම ව්‍යාපාරය තෝරා නොගැනීම ඉතා සුලබව කරන වැරද්දකි. එය වියදම් අධික කර පාඩු ගෙන දේ. ඔබගේ ව්‍යාපාරය කුමක්ද යනු තීරණය කිරීමට පෙර ව්‍යාපාරයේ අත්දැකීම් ලබා ගැනීමට හා පර්යේෂණයටද විකුණුම් අත්හදා බැලීමටද කාලයක් ගත කලයුතු බව සිහි තබා ගන්න.
පහසුවෙන් ක්‍රියාත්මක කිරීමට අපහසු වු ව්‍යාපාරයක් ආරම්භ කිරීමෙන් වැළකී සිටිය යුතුය.
ඉක්මන්කම ව්‍යාපාරයක් ආරම්භ කරන පුද්ගලයෙකුගේ සතුරා වන අතර, විශේෂයෙන්ම සහායක් නොමැති පුද්ගලයෙකුට එය විශාල ගැටලූවක් වේ.
ව්‍යාපාරයක් ආරම්භ කිරීම යනු නිසැකයෙන්ම නව අභියෝගයක් භාර ගැනීමකි. ඔබ ව්‍යාපාරයක් ආරම්භ කිරීමට පෙර තවත් කෙනෙකු ඒ ක්ෂේත්රයේ වැඩ කර අත්දැකීම් ලබා තිබිය යුතුය.
ව්‍යාපාරය තෝරාගැනීමට ඔබේ වටිනා කාලය ලබා දෙන්න. ඔබේ තේරීම ව්‍යාපාරයේ වැදගත්ම තීරණය වන අතර, ඔබ අපේක්ෂාවෙන් සිටි ඒ මොහොත වන තෙක් රැඳී සිටින්න. ඒ දණ්ඩක තනි කකුලකින් සිටගැනීම දෙපයින් සිටගැනීමට වඩා අවදානම්ය.
ඔබගේ තරඟකරුවන්ගැන සැලකිලිමත් විය යුත්තේ ඔවුන්ගේ උපරීම තාරඟකාරීත්වය ඔබට පෙනෙන්නේ ව්‍යාපාරය ආරම්භ කළ පසුවය. මුල්බැසගත් ව්‍යාපාර සමග තරඟ කිරීම කළ හැකිමුත් එය අපහසු හා වෙහෙසකාරී කටයුත්තකි.
ඔබේ ගනුදෙනුකරුවන්ගේ මුලික අවධානය "ඉතාම ලාභ කවුරුන්ද" යන ප්රශ්නය නඟන ව්‍යාපාරයක් ඔබ ඉලක්ක කර නොගත යුතුය. ගනුදෙනුකරුවන්ට සතුටක් ලැබෙන භාණ්ඩයක් හෝ සේවාවක් ලබාදී ඔවුන් සතුටින් ගෙවන විශේෂ මුදලක් ලබාගෙන ගෙන තරඟයෙන් බැහැර වන්න.
විශේෂිත භාණ්ඩයක හෝ සේවාවක මිල නියම කරන්නා ඔබය.
ආරම්භ කිරීම සඳහා සුදුසුම ව්‍යාපාරය තෝරා නොගැනීම ඉතා සුලබව කරන වැරැද්ද වේ. එය නොකරන්න.
ඔබේ තරඟකරුවන් දැනගන්න.
ව්‍යාපාරයක් පවත්වාගන යාම පිළිබඳව ඇති ක්‍රමවේද පිළිබඳ නිරතුරු ඉගන ගන්න. ඔබගේ දැනුම ව්‍යාපාරයේ පණ නලයි.
තනිව යමක් කිරීම ඉතාම අපහසුය. සඹඳතා ගොඩනගන්න. සාමුහික ව්‍යාපාර සතුටුදායක හා සාමාජීයව වාසිදායකය.