ඔබ විසින් තෝරාගන්නා විශේෂ ව්‍යාපාරයක් ඇගයුමට ලක් කිරීමට හිස් කඩදාසියක හරි මැදින් සිරස් හා තිරස් ඉරි 2 ක් ඇඳ කොටු 4 ක් සකසාගන්න.
එම කොටු හතර ශක්තීන්, දුර්වලතා, අවස්ථා සහ අවදානම් ලෙස නම් කරන්න. දැන් එක් එක් කොටුවේ එම ව්‍යාපාරය සාර්ථක වීමට ඔබට ඇති ශක්තීන්ද, දුර්වලතාද, අවස්ථා සහ අවදානම්ද ලියන්න.
ඒවා සඳගාද ඔබට 1-10 දක්වා අගයන් දිය හැකිය.
ඔබට ව්‍යාපාරය ගැන තිබෙන දැනුම හොදනම් එය ශක්තියකි.
වෙළදපල අවබෝධය මදිනම් එය දුර්වල කමකි.
ප්‍රදේශයේ තිබෙන අවශ්‍යතාවයක් ඔබ ව්‍යාපාරයෙන් සැපිරෙයි නම් එය අවස්ථාවකි.
ඔබගේ තරඟකරුවන් ඔබට අවදානමකි.
මෙය ව්‍යාපාරයේ සාර්ථක වීම හෝ නොවීමට ඇති කාරණා පිළිබඳව කරන "පක්ෂ" සහ "විපක්ෂ" කුරුණු ලැයිස්තුවක් ලෙසද සැලකිය හැක. මෙහිදී වැදගත් වන්නේ කලින්ම ඔබගේ ව්‍යාපාරයේ දුර්වලතා සහ අවදානම් හඳුනා ගැනීමට හැකිවීම සහ එම දුර්වලතා හා අවදානම් අවම කරගැනීමට කටයුතු කිරීමට ඔබට අදහස් පහල වීම මෙන්ම,
ව්‍යාපාරයට පවතින අවස්ථා හඳුනාගැනීමටද ඔබගේ ශක්තීන් මත ව්‍යාපාරය සැලසුම් කිරීමට හැකිවීමයි.
අනතුරුව ඔබ තෝරාගත් ව්‍යාපාර ක්ෂේත්රයේ සාර්ථක ව්‍යාපාර පහක වත් නම් ලියන්න. මෙම ව්‍යාපාර පහටම පොදු ලක්ෂණ මොනවා දැයි විශ්ලේෂණය කරන්න. ඒවා සාර්ථකත්වයට පත්වීමට හේතුවූ කරුණු ලැයිස්තුවක් සකසන්න.
ඔබ අපේක්ෂා කරන ව්‍යාපාරයේ නියැලී සිටින කිහිපදෙනෙකු සමඟ කතා කරන්න. ඔබ අරමුණු කොට ඇති ව්‍යාපාරයේ නරක පැතිකඩ පිළිබඳ දැනගන්න, ඊට බිය නොවන්න. ඔබට ඇතිවිය හැකි අවදානම් ගැන සොයන්න. ලබාගන්නා තොරතුරු හා දත්ත සටහන් කර තබන්න, සියල්ල මතකයේ තබාගැනීම දුර්වල ව්‍යාපාරිකයකුගේ ලක්ෂණයකි
ඔබගේ තරඟකරුවන් ලැය්ස්තුවක් සකසන්න.
ඔවුන්ගේ ශක්තීන්, දුර්වලතා, අවස්ථා සහ ඔබට ඇති අවදානම
විශ්ලේෂණය කර ඊට හේතු ලියා තබන්න. ඒවා මගහැරීමටත් ඔබට අවස්ථාවන් පාදා ගැනීමටත් කටයුතු කර හැකි ආකාරය සිතන්න.