ව්‍යාපාරයක් තෝරාගැනීමේ ක්‍රියාකාරකම
 

හිස් කඩදාසියක ඔබ කිරීමට කැමති ක්‍රියාකාරකම් ලියන්න. ඔබ කිරීමට කැමති සෑම ක්‍රියාකාරකමක් සඳහා එක වෙනම පිටුවක් ගන්න. එහි මාතෘකාව වන්නේ ක්‍රියාකාරකමයි.
ඒ පිටු වල ඔබගේක්‍රියාකාරකම හා සම්බන්ධ, ඔබට සිතිය හැකි ව්‍යාපාර හැකි තරමක් ලැයිස්තුගත කරන්න .

එම පිටුවලම එම ක්‍රියාකාරකමට සම්බන්ධ ඔබට සිතිය හැකි තරම් භාණ්ඩ හෝ සේවා ලැයිස්තුගත කරන්න. මෙහිදී ඔබට කළ හැකි සෑම නිෂ්පාදනයක් හා සේවාවක් පිළිබඳව සිතන්න.

ආර්ථිකය නරක කාලයන්හිදී හොඳින් කළ හැකි ව්‍යාපාර පිළිබඳ ලැයිස්තුවක් සකස් කරන්න ඉන් එකක් ඔබට ගැලපීමට ඉඩ ඇත.

මේ තුලින් ඔබ කැමති ව්‍යාපාර 3 කට වැඩි ගණනක් තෝරාගන්න.

ඒ සෑම ව්‍යාපාරයකටම පහත කරුණු අනුව 1 සිට 10 දක්වා ලකුණු දෙන්න.

මේ තුලින් මා කැමති දෙයක් මට කිරීමට හැකිද? (1-10)
මා පුළුල් සමාජ අවශ්‍යතාවයක් ඉටුකරනු ඇතිද? (1-10)
මට මේ තුලින් අලුත් හැකියාවන් හා දැනුම ලබා හැකිද? (1-10)
මට එය ඉගෙනගන මුලින් පරීක්ෂාවට ලක් කළ හැකිද? (1-10)

ඔබ කැමති ව්‍යාපාර වලට ලැබෙන ලකුණු එකතුව මත ලැයිස්තු ගත ව්‍යාපාර තුනක් කරන්න.

දැන් ඔබගේ ඔබගේ සිතිවිලි පැහැදිලි කරගැනීමේ වාරයයි.

මේ සඳහාත් 1-10 දක්වා ලකුණු දෙන්න.

1. මෙම ව්‍යාපාරය මට සතුටක් ලබා දෙන දෙයක්ද?
2. එහිදී මාගේ ප්‍රියතම ක්‍රියාකාරකම් වන්නේ කුමක්ද?
3. මා මිනිසුන්ට සේවය කිරීමට දක්වන කැමැත්ත ඉන් සැපිරේද?
4. පුළුල් සමාජ අවශ්‍යතාවක් එයින් සපිරෙනු ඇත්ද?
5. පාරිභෝගිකයින්ගේ විශේෂිත අවශ්‍යතාවක් සම්බන්ධයෙන් මට හොඳින් කටයුතු කළ හැකිද?
6. මේ සඳහා අවශ්‍ය ප්‍රාග්ධනය මට සපුරාගත හැකිද?
7. මට මේ ව්‍යාපාරය පිළිබඳව ඉගෙන ගත හැකිද?
8. මෙම ව්‍යාපාරය කර්මාන්ත ශාලාවක් නොමැතිව බාහිර සේවා මගින් අවම සේවකයන් සංඛ්‍යාවකින් පවත්වාගෙන යා හැකිද?
9. මෙය මාහට පරීක්ෂා කර බැලිය හැකි භාණ්ඩයක් හෝ සේවාවක්ද?
10. මා හවුල් කරුවෙකු ලෙස සලකා බැලිය යුත්තේ මාගේ කුසලතාවන්ගේ අඩුව පුරවන අයද නැතහොත් ව්‍යාපාරයට මූල්‍ය පහසුකම් සලසනු ඇති අයද?

(c) Shilpa Sayura Foundation 2006-2017