වැරදි ව්‍යාපාරයක් තෝරාගැනීම බොහෝ අය නිතර කරන වරදකි.
ඔබට ගැලපෙන ව්‍යාපාරයක් තෝරාගැනීමේදී
1. එම ව්‍යාපාරය ඔබට සතුටක් ගෙන ඒම, එහි යෙදී සිටීම ගැන ඔබට යම් ආඩමිබරයක් ඇතිවීම.
2. ඔබගේ පවුල සහ සමාජය විසින් පිලිගන්නා ව්‍යාපාරයක් වීම.
3. ඔබට ගැලපෙන ව්‍යාපාරය තීරණය කිරීමට පෙර ඒ ගැන අධ්‍යයනයට කාලය ලබාගන්න. ව්‍යාපාරික අවස්ථා මඟහැරීම වරදක් නොවේ. ව්‍යාපාරය සැලසුම් කිරීමට ඒ ගැන ඔබට දැනුම හා පළපුරුද්ද අවශ්‍ය වේ.
4. දැඩි අභියෝග සහිත ව්‍යාපාර තෝරා නොගන්න. ගඟ ගලන දෙසට මිස උඩු ගම් බලා පිහිණිම අපහසුය.
5. දීර්ඝකාලීන ආර්ථීක වාසි ලබාදෙන ව්‍යාපාරයක් හඳුනාගැනීමට උත්සාහ කරන්න. දැන් තිබෙනවාට වඩා ඔබගේ විශේෂ දැනුම අනුව අනාගත ව්‍යාපාරික අවස්ථා හඳුනාගන්න. ඔබ ඉදිරියෙහි ඇති අවස්ථාවන් දකින්න. ක්‍රිකට් පන්දුවක් ඇල්ලීමට බෝලය දැන් තිබෙන තැන නොව බෝලය යන දිශාව තීරණය කරන්න.
වර්තමාන සහ අනාගත වෙළඳපළ තුළ සිදුවන වර්ධනය ගැන සිත යොමු කරන්න. විවිධ සංවර්ධන කටයුතු නිසා වෙළඳ පල වර්ධනය වේ. රාජ්‍ය ප්‍රතිපත්ති නිසා වෙළඳපල වර්ධනය වේ. එමෙන්ම තාක්ෂණික දියුණුව නිසා සමහර ව්‍යාපාර වැසේ. ප්ලාස්ටික් හා ලෝහ නිශ්පාදන නිසා වලං කර්මාන්තයේ වාසි අඩුවේ. කෘතිම බීම බෝතල් ආගමනයෙන් පළතුරු බීම හල් ද සුපිරි වෙළඳ සැල් නිසා කුඩා සිල්ලර කඩද තව දුරටත් ව්‍යාපාරයේ රැඳී නොසිටියී.
"පාරිභෝගික ඒකාධිකාරියක් තුලින් මිල තීරණය කිරීමේ බලය හා දිගුකාලීනව අනාවැකි පල කළ ව්‍යාපාරයන්" යන අදහස සුළුවෙන් හෝ ඔබට අනුකරණය කළ හැකිද?
"භාණ්ඩ වෙළඳාම්" ව්‍යාපාරයන් වල ගැටළුව ඔබ තරඟ කරන්නේ සම්පූර්ණයෙන්ම මිල මත වන අතර දීර්ඝ කාලීනව සහ ලාභ සහිතව රැඳී සිටීමට නම් ඔබට අඩුම වියදමක් තිබිය යුතුය. එය ඔබේ නුවණ මත රඳා නොපවතී.
නමුත් සේවා සපයන ව්‍යාපාරවලට මිල නියම කිරීමේ හැකියාව ඇත. ඔබ දන්නා ව්‍යාපාරයක් මත පරදු තැබීමේ හැකියාව තිබියදී ඔබ නොදන්නා ව්‍යාපාරයක් පිළිබඳව පරදු තැබිය යුතුද?
ඔබ භාණ්ඩයක් නිෂ්පාදනය කිරීමට අදහස් කරන්නේ නම්, අඩු මිලට අමුද්‍රව්‍ය ලබාගත හැකිවීම අවශ්‍යය. එම භාණ්ඩය තරඟකාරී මිලකට වෙළඳපළට ලබාදීමට එයම හේතු නොවේ. අද පාරිභෝගිකයා මිල මෙන්ම තත්වයද සලකයි.
නොඉවසිලිමත්බව වරදකි.
ඔබගේ ව්‍යාපාරය පරෙස්සමෙන් තෝරාගන්න එම විශ්ලේෂණය කෙටි කිරීමට ඔබගේ අධික විශ්වාසයට ඉඩ නොදෙන්න. අවදානම ගැන සිතන්න. කිසිම දෙයක් කෙසේ හෝ කල යුතු නොවේ.
ඔබගේ ව්‍යාපාරය පරෙස්සමෙන් තෝරාගන්න එම විශ්ලේෂණය කෙටි කිරීමට ඔබගේ අධික විශ්වාසයට ඉඩ නොදෙන්න. අවදානම ගැන සිතන්න. කිසිම දෙයක් කෙසේ හෝ කල යුතු නොවේ.
සියළු පැතිකඩ අවබෝධ කරගන්න
අන් අයගෙන් ඔබගේ ව්‍යාපාරයේ සෘණාත්මක පැතිකඩ පිළිබඳව ඇසීමට බිය නොවන්න. ඒ ගැන දැන සිටීමත් ඒවාට කලින් මුහුණ දීමත් වඩා හොඳය. එහි සියළු පැතිකඩ අවබෝධ කරගැනීමෙන් පමණක් අවසන් තීරණයකට එන්න.
ගත හැකි අවදානම සලකා බලන්න
යථාර්ථවාදී වන්න.
ඉහළ ලාභාපේක්ෂාවෙන් මුලාවට පත් නොවන්න. ඔබ නිවැරදි ව්‍යාපාරය තෝරා ගතහොත් වාසිය ඔබටමය.