රැකියාවට අමතරව ව්‍යාපාරයක් ඇරඹීම
 

ප්‍රධාන රැකියාවට අමතරව දෙවැනි රැකියාවක් වශයෙන් ව්‍යාපාරයක් ඇරඹීමේ වාසි මෙන්ම අවදානමක්ද ඇත. එය ඔබගේ වර්තමාන රැකියාවේ නිරත අතරතුර ලැබෙන විවේක කාලයේදී කරන දෙවන රැකියාවක් ලෙස ඇරඹීම අවදානම අඩුකරයි. පූර්ණ කාලීනව ව්‍යාපාරවල යෙදීමෙන් විශ්‍රාම වැටුප්, සෞඛ්‍ය සහ අනෙකුත් වාසි, නිවාඩු ඇතුලූව අමතර ඉපැයීමේ මාර්ග ඇවිරෙන නිසා එයට සමාන ප්‍රතිලාභයක් ලබා ගැනීමට සැලසුම් කල යුතුයි.



ඔබගේ ප්‍රධාන රැකියාව සහ ව්‍යාපාරය අතර ගැටුම් ඇති නොවන ශික්ෂාවන් අනුගමනය කිරීම වැදගත්ය. උදාහරණයක් ලෙස ඔබගේ රැකියා ආයතනය සමහ වාණිජමය හෝ සමාජයමය ගැටළුවක් ඇති නොවිය යුතුයි. තේ කම්හලක වැඩකරන අයකු තේ විකිණිමේ ව්‍යාපාරයක් ආරම්භ කරන්නේ නම්, ඒ ගැන තම ආයතනය සමග අවබෝධයක් ඇතිකරගත යුතුය.

පවුලේ ව්‍යාපාරයක් පවත්වාගෙන යාමෙහි බොහෝ වාසි ඇත. ඔබ රැකියාවෙහි නිරත වන අතරතුර පවුලේ අයට ව්‍යාපාරය පවත්වාගෙන යා හැකිය. ව්‍යාපාරයක නියැලීමේ වාසි ඔබේ දරුවන්ට හා පවුලේ අයට ලබා දිය හැකිය.

රැකියා දෙකක් කිරීමේදී තිබෙන අන්තරායන් නම් ඔබ රැකියාව කරන අතරතුර ඔබගේ ව්‍යාපාර කටයුතුවල නියැලීමෙන් ඔබගේ සේවායෝජකයාට අසාධාරණයක් වන නිසා එය කිසිදු අවස්ථාවක නොකළ යුතුය. මේ නිසා ඔබ රැකියාවෙහි නිරතවද්දී ඇතිවන හදිසි අවස්ථා ආවරණය කිරීමට පවුලේ සාමාජිකයෙකු හෝ විශ්වාසය තැබිය හැකි අයකු ඔබට අවශ්‍ය වනු ඇත.

තම සේවායෝජකයා සමඟ තරඟ කිරීම ඉතා නුසුදුසුය. ඔබ ආයතන ප්‍රධානියා ලෙස ඔබගේ සේවකයෙකු තරඟකාරී ව්‍යාපාරයක් ඇරඹීම ගැන එකඟ වේද? ඉන් ඇතිවන ගැටුමින් ඔබගේ රැකියාවත්. රැකියාව සමඟ කරනු ලබන ව්‍යාපාරයටත් අන්තරාය ගෙන දේ. රැකියාවත් සමඟ ව්‍යාපාරයක් කරන්නෙකුට අධික නිසා මානසික සහ කායික වෙහෙසද එයින් නොදැනම රෝගී වීමේද අවදානමක්ද පවතී. මෙම කාරණා පිළිබඳව සමබර තීරණයක් ගැනීම ඉතා අවශ්‍යය.

(c) Shilpa Sayura Foundation 2006-2017