පියවරෙන් පියවර ප්‍රවේශය
 

සාර්ථක ව්‍යවසායකුගේ ලක්ෂණය නම් පියවරෙන්-පියවර ප්‍රවේශයයි.


පියවරින්-පියවර පිවිසීම
ප්‍රථම ප්‍රශ්න.
1. ඔබට ව්‍යාපාරයක නියැලීමට අවශ්‍යද?
2. එම ව්‍යාපාරය කුමක්ද ?
3. එය කොතැනක සිදු කරන්නෙන්ද ?
4. එය තනිවම හෝ සහකාරයන් සමග කරන්නේද?
5. එය හවුලක් නම් ඔබගේ කාර්යය භාරය වනු ඇත්තේ කුමක්ද?
6. සහභාගී වන අන් අය ශ්‍රමය,දැනුම හා මුදල් වලින් ව්‍යාපාරයට කුමක් එකතු කරයිද?
7. ඔබ එය කරනුයේ පූර්ණකාලීනද ඔබගේ ප්‍රධාන රැකියාවට අමතරව ආදායමක් ලබාගැනීමටද?

8. එම ව්‍යාපාරය සාර්ථක කර ගැනීමට හැකිවේයයි ඔබ සිතන්නේද? ඊට හේතු මොනවාද? ඒ සඳහා ඔබ කල යුතු කැපකිරීම් මොනවාද ? ඒ සඳහා ඔබ සූදානම්ද? අත්දැකීම් සහිතද? අවශ්‍ය ප්‍රාග්ධනය සහ සම්පත් ලබාගත හැකිද? ඒ සඳහා මේ සුදුසු කාලයද? ඔබට තවත් දැනුම ලබාගැනීම අවශ්‍යද?

මේ කරුණු අනුව ඔබට අපේක්‍ෂිත ව්‍යාපාරයේ නියැලීමට ඇත්ත වශයෙන්ම අවශ්‍ය දැයි තීරණය කරන්න.

ආරම්භක ව්‍යාපාරකදී එකම දැකුමක් බෙදාගන්නා අය සහකාරයින් කර ගැනීම ඉතාමත් වැදගත්ය. කාර්යය මණ්ඩලය ව්‍යාපාරයේ සහකරුවන් ලෙස සැලකීම වේගයෙන් දියුණුවිමට මග පාදයි.

ව්‍යාපාරයක් ඇරඹිමේදී ඔබගේ මුදල්, ඉඩම් ආදී වත්කමෙන් යම් ප්‍රමාණයක් අවදානමට ලක්කොට තිබිය හැකිය. ඔබ වැඩ කරන කාලය ඔබේ පවුලෙන් සහ සතුට දනවන ක්‍රියාකාරකම් වලින් ඉවත් කරවීමට ඉඩ ඇති අතර ව්‍යාපාරය නිසා තම පවුල් ජීවිතය සමබර නොවීමේ අවදානමක් ඇත. සේවා දායකයින්, මුදල් අවශ්‍යතා හා කාර්ය මණ්ඩල පාලනය නිසා ඔබ මීට පෙර අත්විඳ නැති පීඩනයන්ද දැනිය හැක.

එම තත්වයන් පාලනය කරගැනීමට අවශ්‍ය උපක්‍රමශීලී ක්‍රමවේද යොදාගැනීම ද වැදගත්ය.


1. පවුලේ අය ව්‍යාපාරයට යම් ආකාරයකින් සම්බන්ධ කරගැනීම.
2. සේවකයින්ගේ අදහස් කළමණාකරන තීරණවලදී එක් කරගැනීම.
3. සේවාදායකයින් සමග සන්නිවේදනය හා මනා සම්බන්ධතා ගොඩනගා ගැනීම.
4. බැංකු සහ පෞද්ගලික මූල්‍ය සම්බන්ධතා වර්ධනය කර ගැනීම.

සහකාරත්ව ගොඩනගා ගැනීම ආදිය සමහර උපක්‍රම වේ.

(c) Shilpa Sayura Foundation 2006-2017