ව්‍යවහාරයේදී පුස් ලෙස හඳුන්වන්නේද දිලීර වේ. දිලීර සෑම පරිසරයකදීම හමුවේ. දිලීර වල සනාල පටක නොමැත. දිලීර බහුතරයක්ම බීජාණු මගින් ප්‍රජනනය සිදුකරන අතර හරිතප්රද නොමැත . හරිතප්රද නොමැති නිසා දිලීර වලට ප්‍රභාසංස්ලේෂණය සිදු කළ නොහැක. එබැවින් දිලීර විෂම පෝෂීන් වේ.
දිලීර වැඩි ප්‍රමාණයක්ම මළ සත්ත්ව හා ශාක අවශේෂ මත ජීවත් වන වියෝජකයෝය. දිලීරවල තලසක් තිබේ. දිලීර වල තලස දිලීර ජාල හෙවත් මයිසිලියම ලෙස හඳුන්වයි. මයිසිලියම ශාඛා බෙදුණු නාලාකාර සූත්‍රිකාවලින් සෑදී ඇත. ඇල්ගී , දිලීර සමඟ සාදන සහජීවී සංගම ලයිකන නම් වේ.