වෛරස්‌
 

නිදහස්‌ වෛරසයක්‌ යනු ජීවයක්‌ නොමැති රසායනික ද්‍රව්‍යයක්‌ වේ. දැනට හඳුනාගෙන ඇති කුඩාම හා සරලම ජීවීන් වෛරස්‌ වේ. වෛරස නිරික්‍ෂණය කළ හැක්‌කේ ඉලෙක්‌ට්‍රෝන අණ්‌වීක්‍ෂයෙන් පමණි. බැක්‌ටීරියාවක ප්‍රමාණයෙන් මිලියනයෙන් පංගුවකටත් වඩා වෛරස කුඩා වේ. වෛරසයක්‌ සෛලයක්‌ නොවේ.






වෛරසයක්‌ නියුක්‌ලෙයි අම්ල මාධ්‍යකින් හා ඒ වටා ප්‍රෝටීන කොපුවක්‌ සෑදී ඇත. නියුක්‌ලෙයික්‌ අම්ල වර්ග දෙකක්‌ පවතී.එනම් ,

1. ඩිඔකසිරයිබෝ නියුක්‌ලෙයික්‌ අම්ලය (DNA)
2. රයිබෝ නියුක්‌ලෙයික්‌ අම්ලය (RNA)

සෑම විටම වෛරස්‌ වල පවතින්නේ නියුක්‌ලෙයික්‌ අම්ල වලින් එක්‌ වර්ගයක්‌ පමණි.



වෛරසයක්‌ තුළ එන්සයිම කිසිවක්‌ නොමැත. මේ නිසා වෛරස තුළ පරිවෘත්තිය ක්‍රියා සිදු නොවේ. වෛරස වල අධික ප්‍රජනන වෙගයක්‌ පවතී. වෛරස තුළ පරිවෘත්තිය ක්‍රියා සිදු නොවන බැවින් වෛරසය ප්‍රජනනය කල හැක්‌කේ ද වෙනත් ජීවී සෛලයක්‌ තුළදී පමණි.

වෛරස ප්‍රජනනය සිදු කරන අයුරු
 


  1. වෛරසයක්‌ සුදුසු ධාරක සෛලයක්‌ හමු වූ විට වෛරසයේ ප්‍රෝටීන කොපුව බිඳගෙන සෛලය තුළට ඇතුළ් වේ.

  2. වෛරසය තුළ පවතින (DNA) හෝ (RNA) ධාරක සෛලය තුළට මුදා හැරේ.

  3. එම සෛලය තුළ නව වෛරස්‌ දහස්‌ ගණනක්‌ සෑදේ.

  4. ධාරක සෛලය පිපිරී යාමෙන් නව වෛරස මුදා හැරේ.

(c) Shilpa Sayura Foundation 2006-2017