ඇල්ගී
 

 


 

මිරිදිය හා කරදිය දෙකෙහිම, පස ඇතුළත හා පස මතුපිටත් තෙත ගල් පර
සහ ලී මතත් දිලීර සමඟ සහජීවි සංගම් ලෙසත් ඇලගී පවතී. එනම් ඇල්ගී පුළුල් ව්‍යාප්තියක්‌ පෙන්වයි. මේවා ඒක සෛලික මෙන් ම බහු සෛලික වේ. ඇල්ගී වල සංවිධානය වූ න්‍යශ්ටියක්‌ තිබෙන අතර ඇල්ගී වල හරිතප්‍රද ඇත.
ඇල්ගී මුල්, කඳන්, පත්‍ර ලෙස විභේදනය වී නොමැත.විභේදනය නොවූ තලසක්‌ ලෙස හඳුන්වයි. බහු සෛලික ඇල්ගී වල දේහය ශාඛා වලට නොබෙදුණු සූත්‍රිකාවක්‌ හෝ ශාඛා වලට බෙදුණු සූත්‍රිකාවක්‌ හෝ බහු සෛලික පැතලි තලසක්‌ විය හැක. ඇලගී වල විශාලත්වය 50nm (නැනෝමීටර් පනහයි)සිට 30m(30 මීටර්) හෝ ඊට වැඩි විය හැක. හරිතප්‍රද වර්ණක පවතින බැවින් බොහෝ විට ඇල්ගී කොළ පාට වුවත් දුඹුරු,තැඹිලි ,
රතු ආදී විවිධ පැහැ ඇල්ගී ද පවතී.

(c) Shilpa Sayura Foundation 2006-2017