ලෝකයේ වඩාත් ම බහුල ජීවින් කාණ්ඩය බැක්ටීරියා වන අතර බැක්ටීරියා සෑම පරිසරයකම පාහේ ජීවත් වේ. ඇන්ටාක්ටික් ප්‍රදේශ වල ශීත ජලයේ හිම තුළ ද ස්වභාවික උණු දිය උල්පත් වල ජලයේ ද සාගරයේ අඳුරු පතලේ ද බැක්ටීරියාවන් ජීවත් වේ. බැක්ටීරියා සෛලය හරහා හරස් බිත්තියක් සෑදී දෙකට බෙදීමෙන් (ද්වි ඛණ්ඩනය)ප්‍රජනනය සිදු කරයි. බැක්ටීරියා සෛලයක සෛල බිත්තියක් ඇත. බොහෝ විට ඊට පිටතින් ප්රවාරණය නම් සෛලමය කොපුවක් ඇත. බැක්ටීරියා සෛල බිත්තියට ඇතුළතින් සෛල පටලය ද සෛල ප්ලාස්මය ද ඇත. කිසිම බැක්ටීරියා සෛලයක සත්‍ය න්‍යෂ්ඨි නොමැත. සෛල මධ්‍යයෙහි ගෝලාකාර හෝ ඩම්බෙල් හැඩැති ප්‍රවේණික නියුක්ලියෝ ප්‍රෝටීන ඇත. බැක්ටීරියා ඒක සෛලික ජීවින් වේ.වෛරස හැරුණු විට කුඩාම ජීවි කාණ්ඩය බැක්ටීරියා වේ. සමහර බැක්ටීරියා විශේෂ වල හරිතප්රද පවතී.ඒවා ප්‍රභාසංස්ලේශණය සිදුකොට ආහාර නිපදවා ගනී. සමහර බැක්ටීරියා විශේෂ අනිකුත් ජීවින් නිපදවන ආහාර මත යැපේ. බොහෝ බැක්ටීරියා මෘතෝප ජීවින් වේ. එනම් මැරුණ ශාක හෝ සත්ව ද්‍රව්‍ය මත යැපේ. සමහර බැක්ටීරියා පරපෝෂිතයන් වේ. |