පැස්‌ටල් භාවිතය1
 

පැස්‌ටල් භාවිතය පිලිබඳ නිවැරදිව ඉගෙනීම සඳහා පහත සඳහන් ආකරයේ මූලික අභ්‍යාස කීපයක්‌ හදුන්වා දී ඇත. චිත්‍ර කළාවට ආධුනිකයන් හට හා වර්ණ සංකලනය, වර්ණ ස්‌ථර හා පැස්‌ටල් ජලය සමාග එකතුකර වර්ණ කරන ආකාරය පිලිබඳ සරල උදාහරන කීපයක්‌ මෙහිදී හඳුන් වා දෙන්නෙමු.

අඳුර හා ආලෝකය අතර වර්ණ සංකලනය පිළිබඳ පලමුව සලකා බලමු.

 

 


මෙහි දැක්‌වෙන රූපයේ ආකාරයට අඳුර හා ආලෝකය අතර වර්ණ සංකලනය පිලිබඳ සරල උදහරණ කිහිපයක්‌ දක්‌වමු.

 

පලමුව, වර්ණ දෙකක්‌ අතර එනම් තද නිල් හා ලා නිල් ද (පලමු වර්ණ තීරුව)දෙවනුව ලා නිල් හා කහ අතර වර්ණ සංකලනයෙන් කොල වර්ණය හා නැවත ලා නිල් හමග තද නිල් හෝ දම් වර්ණය යෙදීමෙන්, වර්ණ සංකලනයත් වර්ණ සංකලනයේදී අදුර හා ආලෝකය අතර ඇති වෙනස පෙහැදිලිකර ගත හැක(දෙවන වර්ණ තීරුව). තෙවන තීරුවේ ආකරයට සුදු වර්ණයට රතු වර්ණය සංකලනයෙන් රෝසපැහැය හා නැවත රතු වර්ණයට නිල් වර්ණය සංකලනයෙන් දම් වර්ණය සැදෙන ආකාරය දැකගත හැක.

 
 

 


 

 


තෙත් සහ වියලි ආකාරයෙන් පැස්‌ටල් භාවිත කරන අයුරු සරල හැඩතල කීපයක්‌ ඇසුරෙන් පහත දක්‌ව ඇත.


1.රතු+කොල සංකලනය හා තද නිල් භාවිතා කර ඇති ආකාරය

 

2.මෙහිදී පියවර කීපයක්‌ යොදාගනිමින් වර්ණ කිරීම පෙන්නුම් කර ඇත. පලමුව රූපයේ දැක්‌වෙන ආකරයට වර්ණයක්‌ යොදා පසුව තෙත් පිංසලකින් පිරිමදින්න. තෙතමනය වියලීමට පෙර නැවත එය මතුපිටි රූපයේ දැක්‌වෙන ආකාරයට නැවතත් වර්ණාලේපනය කරන්න. වර්ණ ගැල්වීමේ තීව්‍රතාවය අනුව අඳුර හා ආලෝකය මනාව පෙන්නුම්කල හැක. පසුබිම පසුව ආලේප කරන්න.


 

3. මෙහි වර්ණ කීපයක්‌ භාවිතා කර්මින් ස්‌වභවික භවය පෙන්නුම්කර ඇත. කොලයේ නාරටි වර්ණ කිරීම සඳහා අවසාන පියවරේ සුදු වර්ණය යොදාගෙන ඇත.


(c) Shilpa Sayura Foundation 2006-2017