මොවුහු වනාහි බාහිරව හා අභ්‍යන්තරව ශරීරය ඛණ්ඩ වලට බෙදුන පණුවෝය.
තවද මොවුන්ගේ ශරීර බිත්තිය හා අභ්‍යන්තරය අතර කුහරයක් ති බැවින්
ශරීර බිත්තියේ ඇති පේශි සංකෝචනය හා ඉහිල්වීම නිසා ආහාර මාර්ගයට බලපෑමක් නොවේ.
ඇනලිඩාවන්ට උදාහරණ වන්නේ ගැඩවිලා , කූඩැල්ලා , නෙරයිස්
ගොඩබිම ජීවත් වන ගැඩවිලුන් වැනි ඇනලීඩාවන් පස තුළ ගුල් හාරාගෙන සිටිති. ඔවුන්ගේ ගුල් හෑරීමේ ක්‍රියාවලිය හේතුකොට ගෙන පස වාතනය වීමක් ද පස පෙරළීමක් ද සිදු වේ. එය කෘෂිකර්මයට ඉතා වාසිදායකය.
කූඩැල්ලන්ගේ ශරීරයේ දෙකෙළවරෙහි ප්‍රබල චූෂකර දෙකක් ඇත. එය රුධිරය උරා බීමට යොදා ගනී.
එය පූර්ව කෙළවරෙහි පිහිටා ඇත.අපර කෙළවරෙහි ඇති චූෂකරය උපස්තර වලට සවි වීමට වැදගත් වේ. කූඩැල්ලා ගොඩබිම තෙතමනය සහිත ස්ථාන වලත් , මිරිදියේත් , කරදියේත් වෙසෙති.