ආත්‍රෝපෝඩා
 

ආත්‍රෝපෝඩායන්නෙහි අදහස වන්නේ සන්ධිපාදකයින්.මෙය විශාලතම සත්ව වංශයයි. දැනට හඳුනාගන ඇති සත්ව විශේෂ වලින් 70%ක් පමණ අයත්වන්නේ මෙම වංශයටයි.

ආත්‍රෝපෝඩාවන් ගේ ලක්‍ෂණ

1. සන්දි සහිත උපාංග ඈත.
2. කයිටීන් වලින් සැදුන බාහිර ආවරණයක් ඇත.
3. ඛන්ඩක වලට බෙදුන දේහයක් ඇත.
4. වර්ධනය වූ පේශි පද්ධතියක් ඇත.
5. ද්විපාර්ෂ්වික සමමිතියක් ඇත

කකුලුවා, පත්තෑයා, මී මැස්සා, ඉස්සා, හැකක්‍රැල්ලා, සමනලයා, මකුලූවා, ගෝනුස්සා, කැරපොත්තා ආදී සතුන් මෙම වංශයට අයත්වේ.

 

(c) Shilpa Sayura Foundation 2006-2017