සීලෙන්ටරේටා
 

සීලෙන්ටරේටා හෙවත් සිලෝමාන්ත්‍රධරයින්ගේ ශරීරය ව්‍යුහ ආකාර දෙකක් පවතී එනම්,


1. බුහුබාවා

බුහුබාවා ගේ හැඩය නාළාකාරය.ශරීරයේ එක් කෙලවරක මුඛයද එය වටා වලයකක් හෝ වලයන් කීපයක් ලෙස සැකසුන ග්‍රාහිකා ඇත. බුහුබාවා බොහෝ විට ආධාරකයකට සවිවී සිටියි.

කොරල්පර සෑදෙන්නේ බුහුබාවන් ගේ බහිශ්චර්මයෙන් ස්‍රාවය වන ඇමෝනියම් කාබනෝට් මුහුදු ජලයේ ඇති කැල්සියම් ක්ලෝරයිඩ් සමග ප්‍රතික්‍රියාවීමෙන් සෑදෙන කැල්සියම් කාබනේට් වලිනි.


2. මෙඩූසා
මෙඩූසා ආකාරය දිග හරින ලද කුඩයක හැඩය ගනී.එම ව්‍යුහයේ දාරය වටා ග්‍රාහිකා පිහිටා ඇත. කුඩයේ යටි පෘෂිඨයේ එල්ලෙන කෙරුවක කෙලවර මුඛය පිහිටා ඇත.

සීලෙන්ටරේටාවන්ට උදාහරණ


හයිඩ්‍රා 


 

 

මුහුදු මල


 


ඔබීලියා
 


 ජෙලි ෆිෂ්

 

 

සීලෙන්ටරේටාවන් ගේ ලක්ෂණ



  1. ද්විප්‍රස්තර සතුන් වේ.

  2. ශරීරය ඛන්ඩනය වී නැත.

  3. ඉන්ද්‍රීය මට්ටමේ සධවිධානයක් නැත.

  4. ග්‍රාහිකා ඇත.

  5. ජීවීන් වැඩි සංඛ්‍යාවක් අරීය සමමිතියක් දක්වයි.

 

(c) Shilpa Sayura Foundation 2006-2017