පැස්‌ටල් හැදින්වීම
 


 


1748 දී මාරිස්‌ ක්‌වින්ටින් විසින් පැස්‌ටල් වලින් අදිනලද චිත්‍රයක්‌

 

පැස්‌ටල් වර්ග කීපයක්‌ ඇත. එනම්

 

1. ඝන පැස්‌ටල් - මෙම පැස්‌ටල් තරමක්‌ ඝනකම් වේ. මෙම පැස්‌ටල් අනිකුත් පැස්‌ටල් සමග භාවිතා කල හැක. එනම් වටරේඛා ඇඳීමට යොදාගැනේ. කෙසේනමුත් මෙම පැස්‌ටල් වර්ගය අඩු ඝනකම් පැස්‌ටල් තරම් වර්ණවත් නැත.

 

2. තෙල් පැස්‌ටල් - මෘදු ස්‌වභාවයක්‌ හා තීව්‍ර වර්ණයංගෙන් යුක්‌ත වේ.

 

3. පැස්‌ටල් පැංසල් - මේවා පැස්‌ටල් යොදා සාදන ලද කූරුසහිත පැන්සල් වේ. ඉතා සියුම් ස්‌ථාන වර්ණ කිරීම සඳහා වඩා යෝග්‍ය වේ.

 

4. මෘදු පැස්‌ටල් - මෙම පැස්‌ටල් වර්ගය බහුලවශයෙන් භාවිතා කෙරේ. මේවා මෘදු බවෙන් යුක්‌තවන අතර ඉතා දීප්තිමත් වර්ණ ඛාන්ඩයක්‌ ඇත. මෙම පැස්‌ටල වර්ගය වර්ණ සංයෝජනය, අතින් හෝ යම් උපකරනයකින් පිරි මැද බොඳ කිරීම් වැනි ක්‍රියාවලි සිදුකල හැක.

 

5. ජලය සමග කලවම් කරන පැස්‌ටල් - මෙම පැස්‌ටල් මෘදු පැස්‌ටල් වලට සමාන කමක්‌ දක්‌වන අතර ජලය සමග කලවම් කිරීමේ හැකියාව ඇත.

 


පැස්‌ටල් වලින් කරන නිර්මාන ආරක්‍ෂා කර ගැනීම සදහා නිර්මානය පිටතින් විනිවිද පෙනෙන දියර ආලේපයක්‌ ස්‌ප්‍රේ කරනු ලැබේ. එසේම වීදුරුවක්‌ සහිත රාමුවක්‌ භාවිතා කරමින්ද චිත්‍රයක්‌ ආරක්‍ෂා කර ගත හැක. චිත්‍ර පොතක පැස්‌ටල් භාවිතා කර චිත්‍ර ඇදීමේදී පිටුවක්‌ හැර පිටුවක චිත්‍රයක්‌ ඇදීමෙන් එම නිර්මාණය ආරක්‍ෂා කරගත හැක.

(c) Shilpa Sayura Foundation 2006-2017