සපුෂ්ප ශාක යනු පුෂ්ප හටගන්නා ශාක වේ. මෙලෙස පුෂ්ප හට ගන්නා බැවින් එමගින් ඵල හටගනී.
මෙම ඵල තුල බීජ හටගනී. බීජ ඵලයකින් ආවරණය වී ඇත. එබැවින් ආවෘත බීජක ශාක යනුවෙන්ද මෙම ශාක හැදින්වේ. සපුෂ්ප ශාක වලට උදාහරණ වන්නේ,
සපුෂ්ප ශාක කොටස් දෙකකි.එනම්,
1. ඒක බීජ පත්‍රී ශාක
2. ද්වී බීජ පත්‍රී ශාක වේ
1. ඒක බීජ පත්‍රී ශාක
ඒක බීජ පත්‍ර ශාකයක් යනු ශාකයේ බීජය තුල එක් බීජ පත්‍රයක් පමණක් ඇති ශාකයි.
ඒක බීජ පත්‍රී ශාකයක ලක්‍ෂණ
1. බීජය තුල එක් බීජ පත්‍රයක් පමණක් ඇත.
2. කඳ අතුවලට නොබෙදේ.
3. තන්තු මුල් පද්ධතියක් ඇත.
4. පත්‍ර වල සමාන්තර නාරටි වන්‍යාසයක් ඇත.
5. ත්‍රි අංක සැලැස්මක් සහිත පුෂ්ප ඇත.
ඒක බීජ පත්‍රී ශාක වලට උදාහරණ
2. ද්වී බීජ පත්‍රී ශාක
ද්වී බීජ පත්‍ර ශාකයක් යනු ශාකයේ බීජය තුල බීජ පත්‍ර දෙකක් ඇති ශාකයි.
ද්වී බීජ පත්‍රී ශාකයක ලක්‍ෂණ
1. බීජය තුල බීජ පත්‍ර දෙකක් ඇත
2. කඳ අතුවලට බෙදේ
3. මුදුන් මුල් පද්ධතියක් ඇත
4. පත්‍ර වල ජාලාකාර නාරටි වින්‍යාසයක් ඇත
5. චතුරාංක හෝ පංචාංක සැලැස්මක් සහිත පුෂ්ප ඇත
ද්වී බීජ පත්‍රී ශාක වලට උදාහරණ