ගණිත ප්‍රශ්න දහස 801-810
 
801. O කේන්ද්‍රය වූ වෘත්තයේ A,B,C,D,E ලක්ෂ්‍ය වෘත්තය මත පිහිටා ඇත.ABD^=40 ද DBC^=20 ද නම්
i)BDC^
ii)AEC^
අගය සොයන්න.
802.ඉන්දන ලීටර 10ක් යොදා එක්තරා යන්ත්‍රයක් පැය 10ක් ක්‍රියා කරවිය හැකිය.විනාඩි 10ක් ක්‍රියා කරවීමට අවශ්‍ය ඉන්ධන ප්‍රමාණය කොපමණද?
803.සමාන්තරාස්‍රයක් සෘජුකෝණයකින් වෙන් කර හඳුනා ගැනීමට හේතු වන අංග දෙකක් සඳහන් කරන්න.
804.කුලී කිණීමේ ක්‍රමයට රෙදි සෝදන යන්ත්‍රයක් ලබාගත් තැනැත්තෙකුට පළමු ගෙවීමෙන් පසු ඉතිරිය සමග මාසික වාරික 24කින් ගෙවා නිම කිරීමට සිදුවිය.මෙම ගනුදෙනුවට අදාල මාස ඒකක ගණන සොයන්න.
805.සුළු කරන්න.
0.027/0.9 +(0.2*0.5)
806.රසායනික සංයෝගයක හයිඩ්‍රජන් ඔක්සිජන් සහ සල්ෆර් යන මූල ද්‍රව්‍ය සංයෝග වී ඇත්තේ 1:32:16 අනුපාතයෙනි.ඔක්සිජන් ග්රූම් 64ක් යොදා නිපදවන එම රසායනික සංයෝගයේ මුළු බර කොපමණද?
807.ABC ත්‍රිකෝණයේ AB//DE වේ.සමරූපී ත්‍රිකෝණ ඇසුරින් DC/AC සමාන අනුපාතයක් ලියන්න.
808.log 2=0.3010 නම් log 0.8 හි අගය ලබා ගන්න.
809.a/a-b=12/5 නම් a/b හි අගය සොයන්න.
810.P=(2,5) Q=(3,5) යන ලක්ෂ්‍ය හරහා යන සරල රේඛාවේ අනුක්‍රමණය සොයන්න.
(c) Shilpa Sayura Foundation 2006-2017