66. අනෙකුත් වාහන ගමනාගමනයට බාධා නොවන සේද ඔබට හෝ අනෙක් අයට අනතුරක් නොවන සේද අන් වාහන පසුකර යා හැකි නම් මිස අන් වාහන පසුකර නොයන්න. රාත්රී කාලයේදී සහ බෙහෙවින් වර්ෂාව සහ මීදුම ඇති විටදී විශේෂයෙන් ප්රවේසම් වන්න. ඔබගේ වාහනය ආරක්ෂිතව හැසිරවිය හැකි බව සැක සහිත නම් අන් වාහන පසු නොකොට ඒවා පසුපසින් ගමන් කරන්න.
67. ඔබ අන් වාහනයක් පසුකර යෑම ආරම්භ කිරීමට පෙර ඉදිරියෙන් ඇති මාර්ගය පැහැදිලිව පෙනෙන බවත් අවහිරයකින් තොර බවත් ඔබට ඉදිරියෙන් ඇති පැහැදිලි මාර්ගය ඇතුලතදී අනෙක් වාහනය සම්පූර්ණයෙන්ම පසුකර යා හැකි බවත් නිසැකව දැනගන්න. ඔබ විසින් වාහනය හැසිරවීම පිළිබඳ ආරක්ෂාව පිණිස, පසු බැළුම් කණ්නාඩිය බලන්න. අනෙක් වාහනය පසුකර යාමට තීරණය කළ විට එම අදහස ඔබගේ දකුණට හැරවීමේ සංඥාව දීමෙන් පැහැදිලිව ඉදිරිපත් කොට එම වාහනය පසුකර ඉක්මනින් ගමන් කරන්න.
68. ඔබ වාහනයක් පසුකළ සැනෙන්ම එම වාහනයේ ගමනට අවහිර වන සේ එය ඉදිරිපසින්ම එහි ධාවන තීරුවට අවතීර්ණ නොවන්න. තවද, එම වාහනයට අයත් ධාවන මාර්ගයෙන් රියැදුරුට ඉවත්වීමට සිදුවන සේ නොපදවා ආරක්ෂා සහිත වූ වහාම වම් පැත්තට පිවිසෙන්න. නැතහොත් සුදුසු ධාවන තීරුවට ඇතුළු වන්න.

69. ඔබට ඉදිරියෙන් ගමන් කරන වාහනය දකුණු පැත්තට හරවන බවට සංඥා කොට ඇති විට සහ වම් පැත්තෙන් පසුකර යෑම ආරක්ෂා සහිත යයි හැඟෙන අවස්ථාවන්හීදී හැර නිතරම දකුණු පැත්තෙන් අනෙක් වාහන පසුකර යන්න.
70. පහත සඳහන් ස්ථානවලදී හෝ ඒවාට ළඟාවීමේදී අන් වාහන පසුකර නොයා යුතුය.
70. පහත සඳහන් ස්ථානවලදී හෝ ඒවාට ළඟාවීමේදී අන් වාහන පසුකර නොයා යුතුය.
* තීව්ර කෝණයක් හෝ වංගුවක්,
* කඳු මුදුනක් හෝ දුනු හැඩය ඇති පාලමක්.
* මංසන්ධියක්.
* පා ගාමීන් මාරුවන ස්ථානයක්.
* 'ඉස්සර නොකරනු' ප්රදේශයක්
* පදිකයන් සහ රථවාහන ගමනාගමනය විශාල ප්රමාණයකින් යුත් නාගරික ප්රදේශයක්.
* මාර්ගය පටු කොටසක්
* තවද තනි හෝ ද්විත්ව සුදු ඉරි නොකැපෙන ලෙස අන් වාහන පසුකර යන්න.
71. අන් වාහනයක් විසින් ඔබේ වාහනය පසුකර යන විට, ඔබගේ වේගය වැඩි නොකරන්න. පසුකර යන්නාට කඩිනමින් ගමන් කරන්නට අයින් වී ඉඩ දෙන්න.