ගණිත ප්‍රශ්න දහස 541-550
 
541. වෘත්තයේ AB = 4 cm, CD = 5 cm හා EF = 6 cm වේ.
මෙම ජ්යායන් අතුරෙන්
(i) වෘත්තයේ කේන්ද්රයට කිට්ටුම ජ්යාය කුමක්ද?
(ii) OH = OG වන්නේ නම් .EF හා CD ජ්යායන් ගැන ඔබට කුමක් කිව හැකිද?
542. පුවත්පතක දැන්වීමක් පළ කිරීම සඳහා මුල් වචන 15 ට රු. 200 ක් ද ඊට වැඩිවන සෑම වචනයකටම රු. 10 බැගින් අයකරයි. එක්තරා දැන්වීමක් සඳහා රු. 400 ක් අය කළේ නම් දැන්වීමේ තිබූ වචන සංඛ්යාව කොපමණද?
 
543. රූපයේ දැක්වෙන දත්ත අනුව BAC අගය සොයන්න.
 
544. දී ඇති රූපයේ BDC සරල රේඛාවකි. ABC ත්රිකෝණයේ වර්ගඵලය 9 cm2 කි.
BD = 3 cm ද DC 7 = cm නම් ABC ත්රිකෝණයේ වර්ගඵලය සොයන්න.
 
545. සුළු කරන්න. 2/2a – 3 – 1/a
546. රූපයේ දැක්වෙන PQR ත්රිකෝණයේ අන්තර් වෘත්තය A,B හා C ලක්ෂ්ය වලදී ත්රිකෝණයේ පාද ස්පර්ශ කරයි. AP = 5 cm AQ = 7 cm හා BR = 6 cm නම් PQR ත්රිකෝණයේ පරිමිතිය සොයන්න.
547. (i) x2 + bx + 64 යන ප්රකාශනය පූර්ණ වර්ගයක් වීම සඳහාb ට තිබිය යුතු අගය සොයන්න. (ධන අවස්ථාව පමණක් සලකන්න)
 
548. රූපයේ දැක්වෙන්නේ හරස්කඩ ඒකාකාර වු ත්රජීසියමකින් සමන්විත වන ලී කොටයකි. එහි දිග 5 cm වේ. දී ඇති තොරතුරු අනුව ලී කොටයේ
(i) හරස්කඩ වර්ගඵලය (අඳුරුකළ කොටස) සොයන්න.
(ii) පරිමාව සොයන්න.
549. පාන්තියක තක්කාලි ගස් දහයකින් එක්තරා දිනයකදී කඩාගත් තක්කාලි ගෙඩි ගණන් පහත දැක්වේ.
5,8,8,8,10,12,14,14,20
මෙම ව්‍යාප්තියේ
(i) මානය කුමක්ද? (ii) මධ්‍යස්ථය සොයන්න.
(iii) පරාසය සොයන්න.
550. රූපයේ දැක්වෙන AB සරල රේඛාවේ සමීකරණය ලියන්න.